Wednesday, May 18, 2011

[Yahalu-Yeheli] වෙසක් උදානය

 

වෙසක් උදානය

ථෙරවාදී බෞද්ධයන් හට අන් සියල්ලටම වඩා වෙසක් උත්සවය වැදගත් වන්නේ සිද්ධාර්ථ කුමාර උත්පත්තිය, බුදුවීම, පිරිනිවීම යන කරුණු තුනම සිදුවූයේ වෙසක් පුර පසළොස්වක්දා නිසාය. බුද්ධ පරිනිර්වාණයෙන් කළක් ගත වූ පසු මෙම උත්සවය ආරම්භ වූ බව වංශ කථාවල හා සෙල්ලිපිවල එන කරුණු වලින් පැහැදිලි වේ. දේවානම් පියතිස්ස රජතුමා වෙසක් උත්සවය පවත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ. එහෙත් එබඳු සටහනක් නිශ්චිත වශයෙන් සොයා ගත නොහැක. නමුත් දුටුගැමුණු රජතුමා විසින් වෙසක් උත්සව පූජා විසිහතක් පැවැත්වූ වගක් මහා වංශයේ 32 පරිච්ඡේදයේ 35 වෙනි ගථාවෙන් කියවේ.

එසේම පාහියන් නම් භික්ෂුව ඉන්දියාවේ දී දුටු වෙසක් පෙරහැරක් ගැන එතුමාගේ දේශාටන වාර්තාවේ සඳහන් කෙරෙන අතර එහිදී බුද්ධ ප්‍රතිමා රූප නානාවිධි රථවල තබා වීථිවල ගමන්කළ අන්දම ගැන විස්තර කෙරේ. තවද පාහියන් හිමි මධ්‍යම ආසියාවේ 'බෝතාන්' නම් ප්‍රදේශයට යාමේදී එහි බුදු පිළිම පෙරහැරක් දුටු බව සිය ගමන් විස්තරයේ සඳහන් වේ. මෙහිදී මහායාන භික්ෂූන් වහන්සේලා බුද්ධ ප්‍රතිමා රැගෙන පෙරහැරේ මුලින්ම ගමන් කළ බවද වැඩිදුරටත් සඳහන් කර ඇත. ලක්දිව රජකළ භාතිය රජු (ක්‍රි.ව. 38 - 67) වෙසක් උත්සව විසි අටක් පැවැත්වූ බවට මහා වංශයේ 34 වන පරිච්ඡේදයේ සඳහන් ව ඇත. මෙහිදී ද බුද්ධ ප්‍රතිමා නානාවිධි රථවල තබා වීථි සංචාරය කරවූ වගත්, එහිදී අද මෙන් දුගී මගී යාචකාදීන්ට ආහාර පානාදියෙන් සංග්‍රහ කළ බවක් කියවේ. වසභ රජතුමා ද සිය ඔටුණු පළන් වර්ෂයේ පටන් පිළිවෙලින් වෙසක් උත්සව හතළිස් හතරක් (44) පවත්වන ලද බවට මහා වංශයේ සඳහන්ව ඇත.

අනුරාධපුරයේ දී වර්ෂයක් පාසාම මෙම උත්සවය පැවැත්වීම සිරිතක් වී තිබුණි. වෝහාරිකතිස්ස රජතුමා අනුරාධපුරයේ වැඩ විසූ සියලු භික්ෂූන්වහන්සේලාට තුන් සිවුරු පූජාකළ වගක් ද එහි සඳහන් කෙරේ. බෞද්ධයන්ගේ උත්සව වලදී දන්දීම ප්‍රමුඛස්ථානයක් ගත් බව මහා වංශයේ එන කරුණු වලින් පැහැදිලි වන තවත් එක් කරුණකි. බුදුන් උපන් දිනයේ මිනිසුන් පමණක් නොව තිරිසනුන් වුවද නිරාහාරව තැබීම නුසුදුසු යයි කල්පනා කළ බෞද්ධයෝ සතුන්ට පවා සංග්‍රහය කළෝය. ගෝඨාභය රජතුමා ද වෙසක් උත්සවය ඉතා ඉහළින් පැවැත් අයෙකි. මොහු විසින් තිස් දහසක් භික්ෂූන් වහන්සේලාට සිවුරු පූජා කළ බව මහා වංශයේ වැඩිදුරටත් සඳහන්ව ඇත. මේ අතර ජෙට්ඨතිස්ස රජතුමාද භික්ෂූන් වහන්සේලා තිස්දහසකට සිවුරු පූජා කළ බව සඳහන් කෙරේ. මුගලන් රජතුමාගේ රාජ්‍ය කාලයේද චාරිත්‍රානුකූලව වෙසක් උත්සවයක් පැවැත්වූ වගක් මහාවංශයේ එන ගාථාවලින් ද පැහැදිලි වේ.

"සබ්බංවෙසාඛ පූජාදි චරිතානුගතං අකා" යන පාලි ගාථා පාඨයෙන් තේරුම් යන්නේද වෙසක් උත්සවය සඳහා සම්මත නීති මාලාවක් තිබුණු බවකි. මෙහිදී වෙසක් උත්සවය පැවැත් විය යුත්තේ කෙසේද? ආරම්භ කරන්නේ කුමකින්ද? යනු ඒ නීති මාලාවට එක්වී තිබෙන්නට ඇතැයි තහවුරු වේ. මේ කාර්ය කරවීමට නිලධාරියකු ද පත්කළ බව සෙල්ලිපිවල සඳහන් ව ඇත. හතරවන මිහිඳු රජතුමාගේ මිහින්තලා සෙල්ලිපියේ 'මඟුල් ජෙටක්' යනුවෙන් කියවෙන්නේ ද මෙවැනි නිලධාරියකු ගැන බව විශ්වාස කෙරේ.  මොහුට අයත් කාර්ය වන්නේ, රාජ්‍ය උත්සව සංවිධාන කාර්යය හා බුදුරදුන්, පෙර බුදුවරුන් වෙනුවෙන් ද පුද පූජා හා උත්සව පැවැත්වූ වගක් කියවේ. දළමුගලන් රජතුමා ද දෙවන සේන රජතුමා විසින් ද වෙසක් උත්සව පැවැත්වූ වගක් සඳහන් වේ. මෙය "වේසාඛකීළා" නමින් හඳුන්වා ඇත. පරාක්‍රමබාහු රජතුමා ද බුදුන්වහන්සේ වෙනුවෙන් පංචතූර්ය නාද පවත්වා කොඩි, කුඩ, සේසත් ඔසවා මේ පූජාව චාරිත්‍රානුකූලව පවත්වන්නට යෙදුණු වගක් සඳහන් කෙරේ.

මහා පරාක්‍රමබාහු (1153) රජතුමාගේ කාලයේදී ද මෙම වෙසක් උත්සව ඉතා උත්සවශ්‍රීයෙන් පවත්වා ඇති බව ද කියවේ. කෝට්ටේ යුගයේදී වෙසක් උත්සව ගැන සඳහන්වීම විරලය. එහෙත් කොළඹ යුගයේදී ඉතා උසස් අන්දමින් වෙසක් උත්සව හා පිංකම් සිදු කෙරිණි. මේ යුගයේදී වෙසක් උත්සවයේ උසස් තැනක් ගන්නේ තොරණ හා දන්සැලයි. බුදුරදුන් වෙනුවෙන් ප්‍රතිපත්ති පූජාවන්ට ද මුල්තැනක් ලබා දේ. ශ්‍රී ලාංකික බෞද්ධයෝ සියලු ආගමික හා ජාතික උත්සව වලදී තොරණ නිර්මාණය කරවීමට පුරුදුව සිටිති. සියලු බෞද්ධයන්ගේ භක්ති ප්‍රබෝධය පෙන්වීමට ගත් තවත් අංගයක් සේ දැනට ප්‍රචලිත වී ඇත. මේ ආදී කරුණු අනුව ලක්දිව බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා සියලු බෞද්ධ සැදෑවතුන් බුදුරදුන් වෙනුවෙන් විවිධ පුද පූජා හා වෙසක් උත්සව ඉතා භක්ත්‍යාදරයෙන් සිදුකළ බව ඉහත ඓතිහාසික තොරතුරු ඇසුරින් පෙනේ.

.


--


                    ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
                         -------------------------------------------------------------
                              
                      

                        
Niroshan Fernando


__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive