ලෞකික වශයෙන් ලැබිය හැකි ඉහළම සම්පත්තිය සක්විති රාජ සම්පත්තියයි. ලෝකෝත්තර වශයෙන් ලැබිය හැකි ඉහළම සම්පත්තිය බුදු බවයි. එසේ නම් මේ උතුම් පදවි දෙකම ලැබීමට මනා වූ උසස් ගුණ දහම් පිරිය යුතුය. දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට මේ පදවි දෙකම ලැබිය හැක්කේ මහා පුරුෂයෙකුට පමණි. මහා පුරුෂ ලක්‍ෂණ තිස් දෙකක්, එනම් දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ එතුමන්ගේ ශරීරවල පිහිටා තිබේ. මෙසේ පිහිටන්නේ සංසාරයෙහි දී කරනු ලබන විවිධ වූ කුසල කර්ම හේතු කොට ගෙන ය. මේ කුසල කර්ම පිළිබඳ දැනගැනීමෙන් මනුෂ්‍යයාගේ මෙලොව ද එලොව ද යහපත් වනු ඇත. සාරධර්ම පිරි සමාජයක් ඇති කර ගත හැකිය. පුහුදුන් මිනිසා එකිනෙකා පරයා නැගී සිටීමට වෙර දරයි. එය ඉටු කර ගැනීමට විවිධ වූ අකුසල කර්ම කරයි. උතුම් වූ මනුෂ්‍යයෙකු ලෙස අප ජීවිත හැඩ ගස්වා ගැනීමට මෙම කරුණු අපට මග පෙන්වයි. ඉතාමත් සුවිශේෂ වූ ඒ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ නම් 1. සුප්පතිට්ඨතා මනාව පිහිටි පා ඇති බව හෙවත් සුපිහිටි පා ඇති බව දන්දීම, සිල් රැකීම, මවුපියන්ට, කුලදෙටුවන්ට හා ශ්‍රමණ බ්‍රාහ්මයන්ට සැලකීම, පාරමී පිරීම, පෙහෙවස් සමාදන් වීම, උතුම් කුසල ධර්මයන්හි යෙදීම නිසා මෙම ලක්‍ෂණය ලැබේ. 2. චක්‍රලක්‍ෂණ පරිපූර්ණ ස්වභාවයෙන් යුක්ත වූ රෝද සලකුණු දහසක්, දැවි, නිම් වළලු හා නැබ සහිතව පිහිටා ඇත. බොහෝ දෙනාගේ හිතසුව පිණිස කටයුතු කිරීම, ධාර්මිකව අන්‍යයන්ට රැකවරණය සැලසීම ආදී කුසල් කළ නිසා මෙම ලක්‍ෂණය ඇතිවිය. ඉහත ලක්‍ෂණ දෙක යම් උතුමෙකුට පිහිටයි ද, හේ ගිහිගෙයි වසන්නේ නම්, මහත් වූ පිරිවර සහිත සක්විති රජෙක් වේ. පැවිදි වුවහොත් උතුම් බුදු පදවිය ලබයි. ආයත පණ්හි දික් වූ විලුඹක් ඇති බවයි. දීඝංගුලිතා දික් වූ ඇඟිලි ඇති බව බ්‍රහ්මුජ්ජු ගනා බ්‍රහ්මයාගේ බඳු ඍජු ශරීරයක් ඇති බව. ප්‍රාණඝාත නොකිරීම, වරදට බිය හා ලජ්ජාව ඇතිවීම, අවි ආයුධ පරිහරණයෙන් ඈත්වීම, දයානුකම්පාවෙන් ක්‍රියා කිරීම යන කුසලයන් කිරීම නිසා මෙම ලක්‍ෂණය ඇතිවේ. දීර්ඝායුෂ ලැබීම, සතුරන් ජයගැනීමට හැකිවීම මින් ලැබෙන ප්‍රතිඵලයයි. සන්තුස්සදතා පිටි අතුල් දෙක, පිටි පතුල් දෙක, උරහිස් දෙක, කර යන සත්තැන උස්ව පිහිටීමයි. මිහිරි රසවත් ආහාර පාන දන්දීමේ කුසලය නිසා මෙම ලක්‍ෂණය ලබයි. මේ කුසලය නිසා බුදුවූයේ හෝ සක්විති රජවූයේ ඉතා මිහිරි වූ ආහාර පාන ලබයි. මුද්‍රත ළුණ හත්ථ පාදනා මුදු මොළොක් අත් පා ඇතිවීම. ජාල හත්‍ථ පාදතා දැලකට බඳු අත් පා ඇතිවීම දානය, පි‍්‍රය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව යන සංග්‍රහ වස්ත්‍ර සතරෙන් හැම දෙනාට සංග්‍රහ කිරීම යන කුසලය නිසා මෙම ලක්‍ෂණය ලබයි. ලෝ වැසියන්ගෙන් සංග්‍රහ ලබන මහා පිරිවර සම්පත් ලබන අයෙකු වේ. උත්සංඛපාදතා උස්වූ පිරිණු ගොප් මසින් යුත් පාද ඇති බව උද්ධංගලොමතා අගින් උඩට නැමුණු රෝම ඇතිවීම, පෙර ජාතීන්වල මහජනයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමේ කුසලය නිසා මෙම ලක්‍ෂණ ලබයි. ඒණිජංඝතා ඕළු මුවන්ගේ බඳු කෙණ්ඩා ඇතිවීම, පෙර ජාතීන්හි දී මහජනයාට නොයෙක් ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීම, ලෝ වැසියා යහපත් සුචරිත ධර්මයන්හි යෙදවීම වැනි කුසලයන් නිසා මෙම ලක්‍ෂණය ලබයි. මෙබඳු උතුම් පුරුෂයෙක් ගිහිව සිටියත්, පැවිදිව සිටියත් තමාට අවශ්‍ය සියලු දේ ලබන්නන් වේ. ඒ නිසාම ගිහිව සිටියොත් ලැබිය හැකි උතුම් සැපත වූ සක්විති රජ සැපත ද පැවිදි වී නම් ලොවුතුරා බුදු සැපතද ලැබේ. සුඛුමජවිතා ඉතා සියුම් සමක් ලැබීම නිහතමානී වීම, ශ්‍රමණ බ්‍රාහ්මණයින් කරා ගොස් කුසල් අකුසල්, වැරදි නිවැරදි, ඇසුරු කළයුතු, නො කළ යුතු දේ, සැප පිණිස හේතු වන, නොවන දේ පිළිබඳව විමසා දැනගැනීම, ඒ අනුව තම ජීවිතය සකසා ගැනීම යන කුසලය නිසා මෙම ලක්‍ෂණය ලැබේ. සමෙහි සියුම් බව නිසා දැලි කුණු නො රඳයි. සුවණ්ණවණ්ණතා කඤ්චන සන්නිභතවතා රන්වන් පැහැති සමින් යුත් ශරීරයක් ඇති බව පෙර ජාතීන්හිදී කිසිවිටෙක ක්‍රෝධ නොකිරීම, අනුන් ආක්‍රොශ පරිභව කරනවිට මෙත් සිතින් ඉවසීම, ශාන්තව කල් ගත කිරීම, මුදු මොළොක් ඇතිරිලි දන් දීම, වටිනා පලස් දන්දීම, සළු පිළි දන්දීම ආදී කුසල කර්මයන් නිසා මෙම ලක්‍ෂණය ලබයි. මොහු ගිහි ගෙයි වෙසේ නම් සක්විති රජ වී මහඟු සම්පත් ලබයි. පැවිදි වේ නම් බුදු බව ලබා සියුම් මෘදු වස්ත්‍ර ලබයි. කොසොහිත වත්‍ථ ගුය්හතා කෝෂයක් තුළ ගිලුණු පුරුෂ නිමිත්ත අසමගි වී සිටින නෑ හිතමිතුරන් සමගි කරවීම, මව්පියන් වෙන්ව සිටී නම් සමගි කරවීම, භේද භින්න වූ සොයුරු සොයුරියන් සමගි කරවීම නිසා මෙම මහා පුරුෂ ලක්‍ෂණය ලබයි. එබඳු තැනැත්තා සතුරු සේනාවක් යටත් කිරීමට සමත් රූප සම්පන්න දහස් ගණන් පුතුන් ඇති සක්විති රජෙක් වෙයි. පැවිදි වී නම් නුවණැති, රූප සම්පත් වූ, මහත් පිරිවර සංඝ සමූහයක් ඇති ;ලාවුතුරා බුදුවරයෙක් වෙයි. නිග්‍රෝධ පරිමණ්ඩලතා උසට සරිලන මහත හා මහතට සරිලන උස ඇති විහිදුන අතුපතරින් යුක්ත නුගගසක් මෙන් සමවූ ශරීරයක් ඇති බව. ආජාණුලම්බි හත්‍ථතා දණහිස දක්වා දිගු කළ හැකි අත් ඇති බව, පෙර ජාතීන්හිදී සුදුස්සාට සුදුසු තැන ලබාදීම. ඔවුන්ට අවශ්‍ය දේ ලබාදීම. ඒ ඒ අයගේ විශේෂ කුසලතාවන් තේරුම් ගෙන ක්‍රියා කිරීම, සංග්‍රහ කිරීම වැනි කුසලයන් නිසා ඉහත සඳහන් මහා පුරුෂ ලක්‍ෂණ දෙක ලබයි. හේ ගිහි ගෙයි විසුවොත් මහත් ධන ධාන්‍ය, භව භෝග සම්පත් ලබයි. පැවිදි වී නම් ශ්‍රද්ධාව, සීලය, හිරිය, ඔත්තප්පය, ශ්‍රැතය, පරිත්‍යාගය, ප්‍රඥාව යන සප්ත ප්‍රකාර ධනය ලබා බුදුබවට පත්වෙයි. සිහ පුබ්බද්ධකායතා සිංහයෙකුගේ ශරීරයේ පෙර කොටස බඳු පිරුණු ශරීරයකින් යුක්ත වීම. විතන්ත රංසතා පිටිකය මසින් පිරුණු ස්වභාවය. සමවත්තක්ඛන්‍ඛතා සම වූ වට වූ ගෙල ඇති බව, පෙර මනුෂ්‍යාත්මභාවයන්හි දී බොහෝ අයගේ ගුණ සම්පත්තිය, ධන සම්පත්තිය, දියුණුව දැක, ඒවාට ඊෂ¸ා නොකොට සතුටුවීම, ඔවුන් ශ්‍රද්ධා ශීලාදී ගුණාංගයන්ගෙන් දියුණු වීම දැක උදව් කිරීම, ආදී කුසලයන් නිසා මෙම මහා පුරුෂ ලක්‍ෂණ තුන පහළ වේ. මොහු නො පිරිහෙන සැපත්, උපභෝග පරිභෝග සම්පත්තියත් ලැබ උපදියි. ගිහි ගෙයි සිටියොත් සක්විති රජ බව ලබයි. පැවිදි වුවහොත් බුදු බව ලබයි. රසග්ගසග්ගිකා ගෙලෙහි සිය ගණන් රස නහර උඩු අතට තුඩු දී එක්ව පිහිටීම - මේ නිසා ක්‍ෂණිකව රසය ශරීරය පුරා විහිදෙයි. පෙර අත්බැව්හිදී අවි ආයුධ ආදියෙන් අන්‍යයන්ට හිංසා, පීඩා නො කිරීම නිසා මෙම මහා පුරුෂ ලක්‍ෂණය ලබයි. මේ තැනැත්තා අධික ශීත උෂ්ණ දෙකෙන් පීඩා නොවිඳියි. ආහාර පාන දිරවයි. නිදුක් නිරෝගිභාවය ලබයි. ගිහිව සිටියොත් සක්විති රජ බව ලබයි. පැවිදි වුවහොත් බුදු බව ලබයි. (13) අභිනීලනෙත්තතා ඉතා නිල් පැහැති නෙත් ඇති බව, මෙම මහා පුරුෂ ලක්‍ෂණය පිහිටි ලොවුතුරා බුදුරදුන්ගේ හෝ සක්විති රජුන්ගේ ඇස් දෙකෙන් වර්ණ පහක් විහිදෙන්නේය. දෑසෙහි මැද කොටස දිය බෙරලිය මල් පැහැයෙන් බබළයි. එනම් නිල් පැහැතිය. ඇතැම් තැනක රන්වන් පැහැය ගනී. කිණිහිරි මල් පැහැතිය. සුදු පැහැයෙන් යුක්ත තැන් සේදූ හක්ගෙඩියක පැහැය ගනී. කළු පැහැති තැන් අඳුන් වර්ණ නොහොත් අංජන පැහැතිය. ගොපමුඛතා - ළපටි වසුපැටියෙකුගේ ඇස් ගුලි මෙන් ප්‍රසන්න බව. දිලිසෙන මැණික් මෙන් ඇස්වල සොඳුරු බවක් ඇත. මෙම ලක්‍ෂණ දෙකම ලබන්නා පෙර භවයන්හිදී කිසිම පුද්ගලයෙක් දෙස ක්‍රෝධයෙන් හෝ රැවීමෙන් හෝ බලා නැත. කාරුණිකව අන්‍යයන් දෙස බැලීමේ හේතුවෙන් මෙම ලක්‍ෂණ දෙක ලැබී ඇත. මෙබඳු උත්තම පුරුෂයෙක් සක්විති රජ පදවි ලබන්නේ නම් සෑම මිනිසුනටම පි‍්‍රය වූවෙක් වේ. උතුම් බුද්ධත්වය ලැබී දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ඇතුළු සියලුම සත්වයා හට පි‍්‍රය වේ. උණ්හිසසීසතා පිරුණු නළල් තලයක් ඇති බව, පෙර භවයන්හිදී තමා ප්‍රධානත්වය ගනිමින්, එසේම විශාල පිරිසක් ද සම්බන්ධ කර ගනිමින්, අනුබල දෙමින් කුසල් කිරීම මේ මහා පුරුෂ ලක්‍ෂණ පහළ වීමට හේතුවේ. එකෙකරොමතා එක් රෝම කූපයක එක් රෝමයක් බැගින් පිහිටීම. උණ්ණාලක්ඛණතා බැම දෙක අතර සුදුවන් ඌර්ණ රෝමයක් ඇති බව පෙර මනුෂ්‍යාත්මභාවයන්හි දී බොරු නො කීම, සත්‍ය කථා කිරීම, අනුන් නොරැවටීම යන කුසල් කළ බලයෙන් මෙවැනි පුරුෂ ලක්‍ෂණ ලැබීය. ගිහිව සිට සක්විති පදවි ලැබුවොත් මේ මහා කුසලය හේතුවෙන් මහ පිරිස් ලබන්නෙක් වේ. පැවිදි වී උතුම් බුදු පදවි ලැබුවොත් මහා අනුගාමික පිරිස් ඇති වෙයි. චත්තාළිස දන්තතා සම සතළිස් දත් ඇති බව. අවිවර දන්තතා විවර නැති මනාව පිහිටියා වූ දත් ඇති බව, කේළාම් කීමෙන් වැළකීම, සමගියේ අනුසස් පෙන්වීම, අසමගි වූවන් සමගි කිරීම ආදී කුසලයන් කිරීමේ හේතුවෙන් මෙම මහා පුරුෂ ලක්‍ෂණ දෙක ලබයි. නො බිඳිය හැකි මහා පිරිස් ඇති සක්විති රජෙකු වීමට හෝ වෙන් කළ නොහැකි සිවුවනක් පිරිස සහිත උතුම් බුදු පදවිය ලැබීමට මේ කුසලය හේතු වේ. පහූත ජිවිහා අවශ්‍ය ප්‍රමාණයට දිග හා පළල් දිවක් ඇති බව. බ්‍රහ්මස්සරතා බඹුහුගේ මෙන් මිහිරි කටහඬක් ඇති බව. මේ මහා පුරුෂ ලක්‍ෂණ දෙක ලබන්නේ, පෙර භවයන්හිදී පරුෂ වචන නොකීම, අනුනට පි‍්‍රය වූ වචන පැවසීම නිසාය. මේ හේතුවෙන් මේ මහා පුරුෂ ලක්‍ෂණ ලැබූ තැනැත්තා සක්විති රජෙකු වේ නම් එතුමාගේ වචන අන්‍යයෝ සත්‍ය ලෙස පිළිගනිති. උතුම් බුදු පදවි ලැබූවේ නම් වාග් බලය ශක්තිය වී අන්‍යයෝ මෙම වචනයට අවනත වෙති. සීහහනුතා සිංහයෙකුගේ බඳු හනු ඇති බව, හිස් වචන කීමෙන් වැළකීම, සත්‍ය වූ හා අර්ථවත් දැහැමි වචන භාවිතය නිසා මෙම මහා පුරුෂ ලක්‍ෂණය ලැබී ඇත. මේ නිසා සක්විති රාජ සම්පත්තිය ලැබූවත්, උතුම් වූ බුද්ධත්වය ලැබූවත් සතුරන් විසින් වැනසිය නොහැකි අයෙකු බවට පත්වේ. සමදන්තතා දන්තයන් උස් පහත් නොවී සමව පිහිටීම. සුසුක්ඛදාඨතා ඉතා සුදු පැහැයෙන් යුත් දත් ඇති බව, හොර තරාදි, හොර ලෝහ, ආදියෙන් මිනිසුන් නොරැවටීම, අල්ලස් ගැනීම, මං පැහැරීම ආදිය නො කිරීම, වැරදි දිවි පැවැත්ම අතහැරීම, නිවැරදිව ජීවත්වීම යන කරුණු නිසා මේ මහා පුරුෂ ලක්‍ෂණ දෙක ඇතිවේ. මෙවන් උතුමෙක් ගිහිව වෙසේ නම් සක්විති රජ බව ලබයි. පින්වත්, බලවත් දූ පුතුන් ලබයි. මහ පොළවට අධිපති බව ලබයි. පැවිදි වුවහොත් කිසිවෙකුට දෙවෙනි නොවන උතුම් වූ ලොවුතුරා බුදු පදවි ලබයි. මෙම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ ලොව්තුරා බුදු බවට පත්වන උත්තමයෙකුගේ ශරීරයෙහි පිහිටන්නේ අසූ අනූව්‍යඥජන ලක්‍ෂණද සහිතවය. මෙවැනි කුසලයන්හි යෙදෙන කවරෙකුට වුවද තම මනුෂ්‍ය ජීවිතය තමා උපදින සෑම භවයකදීම උතුම් මනුෂ්‍යයෙකු වීමට මග පෙන්වයි. එවැනි ජීවිතයක් ගත කරන්නෙකුට නිවන ද දුර නොවනු ඇත. 2600 බුද්ධ ජයන්තිය අපි එයට පාදක කර ගනිමු. බුදු සිරිතට ළංවී සාරධර්ම ජීවන රටාවකට පියනගමු. අපේ ඒකායන ප්‍රාර්ථනය එයයි. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ විනිවිද බුදු කය දකිමු
--
!!!((((((((Receive Wonderful Items Like This))))))!!!
Send a Mail to
yahaluyeheli-subscribe@yahoogroups.com
Confirm your Request & Join with us
or Click here to join yahaluyeheli
Late Last Night and the Night Before
Tommyknockers, Tommyknockers knocking at the door
I Want to Go Out, don't Know if I Can
'Cause I am so afraid
of the Tommykncoker Man
________________Y A H A L U Y E H E L I______________
))))))) It's the Tommyknocker day..!(((((((
0 comments:
Post a Comment