අමාදහර වෙසක් කලාපය මෙවරත් තෙදිනක් පුරා ලේක්හවුස් මන්දිරය අබියසදී 
සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම 09 වන වරටත් සංවිධානය කරනු ලබන "අමාදහර වෙසක් කලාපය" මෙවරද මෙම 17,18,19 තෙදින කොටුව, ඩී.ආර්. විජේවර්ධන මාවතේදී උත්සවාකාරයෙන් පැවැත්වීමට කට යුතු යොදා ඇත. මෙවර වෙසක් කලාපය සඳහා විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකත්වය සපයන්නේ "දෙරණ" මාධ්‍ය ආයතනයයි.
"බුදුසරණ" හා "දිනමිණ" පුවත්පත් මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙයි. දෙරණ රූපවාහිනිය, දෙරණ එෆ්.එම් රේඩියෝව අද දෙරණ වෙබ් අඩවිය, අද දෙරණ මොබයිල් සේවය, වීඩියෝ ඇලට් හා වොයිස් ඇලට් ඔස්සේ අමාදහර වෙසක් කලාපයේ ප්‍රචාරක කටයුතු සජීවීව ලබාදීමට දෙරණ මාධ්‍ය ආයතනය කටයුතු යොදා තිබේ.
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය උත්සවාකාරයෙන් සැමරීම වෙනුවෙන් මෙවර සංවිධානය කර ඇති අමාදහර වෙසක් කලාපයේදී විශේෂ බැති ගී ගායනා, වෙසක් පහන් කූ®ඩු තරග හා ජනපි‍්‍රය ගායන ශිල්පීන්ගෙන් සැදුම් ලත් බැති ගී ප්‍රසංගයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ලේක්හවුස් ආයතනය අබියස ඩී.ආර්. විජේවර්ධන මාවතේ වෙසක් කූඩු තරගය පැවැත්වෙන අතර, මෙවර වෙසක් පහන් කූඩු නිර්මාණ 70 කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කෙරෙනු ඇත.අදියර දෙකකින් පැවැත්වෙන බැති ගී තරගය සඳහා ප්‍රථම අදියරේදී ලේක්හවුස් ආයතනයේ බැති ගී කණ්ඩායමේ හා ආරාධිත බැති ගී කණ්ඩායමේ ප්‍රසංගය පැවැත්වෙන අතර, දෙවැනි අදියර ලෙස ජනපි‍්‍රය ගායක ගායිකාවන්ගෙන් සැදුම්ලත් බැති ගී ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ජනාධිපති ලේකම් කාර්යාලය, කොටුව දුම්රිය ස්ථානය, ටෙලිකොම් ප්‍රධාන කාර්යාලය හා ඩී.ආර්. විජේවර්ධන මාවත කලාප ඔස්සේ මේ බැති ගී ප්‍රචාරය කෙරේ.
මීට අමතරව කලාත්මක රූකඩ සංදර්ශනයක් පැවැත්වෙන අතර, වෙසක් සතිය පුරා කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය මුල් කොටගෙන විශේෂ ආගමික වැඩසටහන්ද ක්‍රියාත්මක වේ.
සමෘද්ධි ලේකම් කාර්යාලය හා සමෘද්ධිලාභීන් ගේ අනුග්‍රහයෙන්" බුදුසරණ" පත්‍ර ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම පත්‍ර ප්‍රමාණයක් මුද්‍රණය කිරීමද මෙවර අමාදහර වෙසක් කලාපයේ විශේෂත්වයකි. මීට අමතරව ලේක්හවුස් ආයතනය මගින් පැවැත් වූ වෙසක් පත් තරගයෙන් තෝරාගත් වෙසක් පත් 60,000 ක් දැනටමත් වෙළෙඳපොළේ අලෙවියට තබා තිබේ. සුපුරුදු පරිදි අමාදහර වෙසක් කලාපය වෙනුවෙන් ලේක්හවුස් ආයතනයේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරන කොත්තමල්ලි දන්සල මෙවරද පැවැත්වෙනු ඇත.
අමාදහර වෙසක් කලාපය පැවැත්වෙන තෙදින පුරා (17,18,19 ) ලේක්හවුස් ආයතනය අවට මාර්ගවල ගමනාගමනය සීමා වුවද මාර්ග කිසිවක් වසා දමනු නොලැබේ.
ලේක්හවුස් ආයතනයේ ශතවර්ෂයක ඉතිහාසය සනිටුහන් කරමින් ආයතනයේ සභාපති බන්දුල පද්මකුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ඉදිකෙරුනු බුදු මැදුර ආයතන පරිශ්‍රයේදී විවෘත කිරීමද මේ මස 16 වැනි දින සිදු කිරීමට නියමිතය.
පොදු විනෝදාත්මක තත්ත්වයෙන් ඔබ්බට ගිය ගුණගරුක සමාජයක් බිහිකිරීම සඳහා හොඳ පණිවිඩයක් ලබාදීම මෙවර පැවැත්වෙන අමාදහර වෙසක් කලාපයේදි මාධ්‍ය අනුග්‍රහයෙන් බලාපොරොත්තු වන බව දෙරණ මාධ්‍ය ආයතනයේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා පවසයි.
--
!!!((((((((Receive Wonderful Items Like This))))))!!!
Send a Mail to
yahaluyeheli-subscribe@yahoogroups.com
Confirm your Request & Join with us
or Click here to join yahaluyeheli
Late Last Night and the Night Before
Tommyknockers, Tommyknockers knocking at the door
I Want to Go Out, don't Know if I Can
'Cause I am so afraid
of the Tommykncoker Man
________________Y A H A L U Y E H E L I______________
))))))) It's the Tommyknocker day..!(((((((
0 comments:
Post a Comment