Monday, May 16, 2011

[Yahalu-Yeheli] 2600 සම්බුද්ධත්ව ජයන්තියට කොළඹ ආනන්ද විද්‍යාලය සැරසෙයි

 

2600 සම්බුද්ධත්ව ජයන්තියට කොළඹ ආනන්ද විද්‍යාලය සැරසෙයි

ශ්‍රී ලාංකේය බෞද්ධ අධ්‍යාපනයේ ප්‍රමුඛතම පාසල වන කොළඹ ආනන්ද විද්‍යාලය 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. එම වැඩසටහන් අතර,

ධර්ම ශාස්ත්‍රීය සංග්‍රහයක් එළි දැක්වීම

ශතාධික පාරිවේණික සාමණේර හිමවරුන් වෙත "ඔක්ස්ෆර්ඩ්" ශබ්දකෝෂය පූජා කිරීම

ප්‍රත්‍ය පහසුකම් අඩු දුෂ්කර විහාරස්ථානයක් සංවර්ධනය කිරීම

බෞද්ධ පිළිවෙත් ඇතුළත් කුඩා පුස්තකයක් සියලු බෞද්ධ පාසල් වෙත ලබාදීම

2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් සමරු පදක්කමක් නිකුත් කිරීම

ආනන්ද විද්‍යාලයේ සමාධි බුද්ධ ප්‍රතිමාවේ මුද්‍රිත අනුරුවක් බෙදාදීම. එම වැඩසටහන් අතර විශේෂ වේ. මීට අමතරව, ධර්ම දේශනා මාලාවක් සීල සමාදාන, ආදී පුණ්‍ය කටයුතු ද සිදු කෙරේ. ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එල්.එම්.ඩී. ධර්මසේන මැතිතුමාගේ අධීක්ෂණයෙන් විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය අතපත්තුකන්දේ ආනන්ද හිමියන්ගේ හා විද්‍යාලයීය ධර්මාචාර්ය හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්, ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය ප්‍රජාවගේත් 2600 සම්බුද්ධත්ව ජයන්ති කමිටුවේත් මූලිකත්වයෙන් මෙම පුණ්‍ය කටයුතු සංවිධානය කෙරේ.



--


                    ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
                         -------------------------------------------------------------
                              
                      

                        
Niroshan Fernando


__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive