Monday, May 16, 2011

[Yahalu-Yeheli] 2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය

 

2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය

2600 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කොළඹ 07 ග්‍රෙගරිපාර, ශ්‍රී සම්බෝධි විහාරස්ථ දායක සභාවේ සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ ප්‍රධාන පැවිදි අනුශාසක සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය උඩුගම ශ්‍රී‍්‍ර බුද්ධරක්ඛිත මහනාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි බෞද්ධයා රූපවාහිනියේ නිර්මාතෘ හා සභාපති, ශ්‍රී සම්බෝධි විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ මගපෙන්වීමෙන් හා විහාරස්ථ දායක සභාවේ සභාපති ආරක්‍ෂක ලේකම් සෙන්පති ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන් ඇතුළු දායක සභාවේ සංවිධායකත්වයෙන් මැයි මස 01 වැනිදා සිට විශේෂිත වැඩසටහන් මාලාවක් පැවැත්වේ.

දිනපතා උදේ 09.00 සිට 10.00 දක්වා සම්බෝධි විහාර මැදුරේ සිට දින 73 පුරා පරම ගම්භීර අභිධර්ම සංඝායනාව පැවැත්වීම දිනපතා උදේ 11.00 ට සම්බෝධි සධාතුක මැදුරේ පැවැත්වෙන දෙතිසක් ව්‍යංජන සහිත සම්බුදු පූජාව.

ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ පූර්ණ දායකත්වයෙන් සවස 5.00 –6.00 දක්වා ඩී.එස්. සේනානායක විදුහල අසල සිට දිනපතා සිදු කෙරෙන සංස්කෘතිකාංග සහිත අසිරිමත් මල්පෙරහර පැමිණීම.

දිනපතා සවස 6.00 – 7.00 දක්වා සත්බුදු වන්දනාව හා බෝධිපූජාමය පින්කම සිදු කිරීම දිනපතා රාත්‍රි 7.00 –8.00 දක්වා වියත් ධර්මවිනයධර භික්‍ෂූන් වහන්සේලා විසින් තෙසැත්තෑ බුද්ධ ඥානයක් පිළිබඳව කෙරෙන ධර්ම දේශනාවන් පැවැත්වීම

වෙසක් පුර පසළොස්වක පොහෝදා ශ්‍රී සම්බෝධි වෙසක් කලාපය විවෘත කරමින් තොරණ හා පහන් කූ®ඩු 2600 ක් දැල්වීම මෙන්ම ග්‍රෙගරි පාර දෙපස විදුලි බුබුළු වලින් ආලෝකවත් කර සවස 4.00 සිට තේපැන් හා ඔසු පැන් දන්සැල ආරම්භ කිරීම මැයි මස 18 වන දා රාත්‍රී 7.00 ට විශේෂ බෝධිපූජා හා බුද්ධ වන්දනා පවත්වා රාත්‍රි 8.00 ට 5 වන වරටත් පැවැත්වෙන උඩරට, පහතරට, සබරගමුව නර්තනාංග ප්‍රධාන හෙළ සංස්කෘතිකාංගයන්ගෙන් සපිරි "ශ්‍රී සම්බෝධි වෙසක් පෙරහර" වීදි සංචාරය ආරම්භ කිරීම

ගමන්මග – (ග්‍රෙගරි පාර, නිදහස් මාවත, බෞද්ධාලෝක මාවත, විජේරාම මාවත ඔස්සේ යළි සම්බෝධි විහාරයට ගෙවදීම)

මැයි මස 18 වන දා හා 19 වනදා යන දෙදිනම විජේරාම මාවතේ මහානායක චාරිකාරාමය ඉදිරිපිට ගුවන් හමුදාව විසින් හා නෙත් ජ්.ර් නාලිකාව සමග බෞද්ධයා නාලිකාව අත්වැල් බැඳගෙන සංවිධාන කරනු ලබන වෙසක් මහා බත් දන්සැල පැවැත්වීම

මැයි මස 18 වන දින ත්‍රිවිධ හමුදාව මගින් පවත්වනු ලබන බැති ගී සංදර්ශනය සවස 6.00 ට පැවැත්වීම ද වේ.



--


                    ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
                         -------------------------------------------------------------
                              
                      

                        
Niroshan Fernando


__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
MARKETPLACE

Stay on top of your group activity without leaving the page you're on - Get the Yahoo! Toolbar now.


Find useful articles and helpful tips on living with Fibromyalgia. Visit the Fibromyalgia Zone today!

.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive