Wednesday, May 18, 2011

Re: {Disarmed} [Yahalu-Yeheli] පංචශිලය රකින්නේ නැතිව බණ ඇහුවට වැඩක් නෑ - මුරුංගාගස්යායේ ඤාණිස්සර හිමි

 

Why the hell you all are disturbing me. I don't want your mails. Pls remove my address from your group.

Sent via BlackBerry® from Dialog


From: Niroshan Weerapurage <niroshan.fernando@gmail.com>
Sender: yahaluyeheli@yahoogroups.com
Date: Wed, 18 May 2011 18:35:35 +0530
ReplyTo: yahaluyeheli@yahoogroups.com
Subject: {Disarmed} [Yahalu-Yeheli] පංචශිලය රකින්නේ නැ තිව බණ ඇහුවට වැඩක් නෑ - මුරුංගාගස්යායේ ඤාණිස ්සර හිමි

 

පංචශිලය රකින්නේ නැතිව බණ ඇහුවට වැඩක් නෑ

මුරුංගාගස්යායේ ඤාණිස්සර හිමි
ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක

ලොව පුරා වෙසෙන බෞද්ධ ජනයා ශි‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නේ මහත් අභිමානයකිනි. මෙවර වෙසක් සඳ නැගුණේ ඒ සුවිශේෂිත්වය උදා කරමිනි. සැබෑ වෙසක් බෞද්ධයා කෙසේ සැමරිය යුතුද යන්න පිළිබඳ මේ කතිකාවත ප්‍රධාන අධිකරණ සංඝනායක ප්‍රංශයේ ජේතවන විහාරාධිපති, මුරුංගාගස්යායේ ඤාණිස්සර ස්වාමින් වහන්සේ සමඟිනි.

* මේ උදාවුයේ බෞද්ධයින්ට අතිශය වැදගත් කාල වකවානුවක්. මැයි මාසයේ දී අපි වෙසක් සමරනවා. නමුත්, මෙවර වෙසක් දිනය අපිට වඩාත් සුවිශේෂීයි. ඒ සුවිශේෂිත්වය ගැන අපි කතා කළොත් ?

වෙසක් පෝය අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් අවස්ථා තුනක් නිමිත්තෙන්. මේ නිසයි තෙමගුල කියලා කියන්නේ. බෝධිසත්වයාණ් වහන්සේගේ උත්පත්තිය, බුදුවීම, පිරිනිවන් පෑම කියන කරුණු තුන එහිදී වැදගත් වන්නේ. මෙවර වෙසක් පෝය ඒ අතරින් බෞද්ධයිනට ඉතාමත් සුවිශේෂියි. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා වසර 2600ක් වෙනවා. අපි බුද්ධ ජයන්තිය සැමැරුවේ 1956 වර්ෂයේදී . එහිදී ඒ ගණනය කිරීම් සිදු කළේ පිරිනිවන් පෑමෙන් ගත වු කාල පරාසයයි. බුදුරජාණන් වහන්සේ , බෝසතාණන් වශයෙන් අන්ත දෙකම අත්විඳපු කෙනෙක්. ඒ අත්තකිල මතානුයෝගය සහ කාමසුඛල්ලිඛානු යෝගයයි. ශරීරයට අධික ලෙස දුක් දීමත්, අධික ලෙස සැප දීමත් කියන මේ අන්ත දෙකම උන්වහන්සේ අත්වින්දා . නමුත් මේ අන්ත දෙකම නිරර්ථකයි කියලා අවබෝධ කරගත් උන්වහන්සේ භාවනාව මගින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත්තා. ඒ තුළ බුද්ධත්වය ලබාගන්නට හැකියාව ලැබුණා. එතැන් පටන්, එනම් බුද්ධත්වය ලත් දා පටන් අද දක්වා කාලය ගණනය කළාට මේ 2600 වන වසරයි. එයයි අපි සම්බුද්ධත්ව ජයන්තිය කියලා සමරනු ලබන්නේ.

* ස්වාමින් වහන්ස, බුද්ධ ජයන්තිය හා සම්බුද්ධත්ව ජයන්තිය යන වචනාර්ථ පිළිබඳ යම් අනවබෝධයක් සමහරෙක් තුළ පවතිනවා. මේ අර්ථ දෙකෙහි පරස්පර බව ඔබ වහන්සේ දකින්නේ කොහොමද ?

ඔව්, ඇත්තටම මේ පිළිබඳ සාමාන්‍ය වශයෙන් මිනිසුන්ට පැටලීමක් තියෙනවා. මෙතැන දී අපි නිරාකරණය කර ගතයුතු කරුණක් තියෙනවා. අපි බුද්ධ ජයන්තිය සැමැරුවේ පරිනිර්වාණයෙන් ගත වූ කාලය සලකාගෙනයි. බුද්ධත්වයට පත්වෙලා වසර 2600 ක් ගතවීමයි අප සම්බුද්ධත්ව ජයන්තිය විදිහට අර්ථ දක්වන්නේ. මේ අර්ථ දෙක පිළිබඳව ජනතාවට යම් ගැටළුවක් මතුවෙලා තිබෙන බව පෙනෙනවා. නමුත්, සත්‍ය ලෙස අප අවබෝධකරගත යුත්තේ ඉහත කී කාරණයයි.

* මෙවර තේමාව වන්නේ " පිළිවෙතින් පෙළ ගැසෙමු " යන්නයි. ඒ තේමාව තුළ අන්තර්ගත ගැඹුරු අර්ථය පිළිබඳව හැඳින්වූවොත් ?

ඇත්තටම මම දකින විදිහට මෙය අපි සාකච්ඡා කළ යුතු සුවිශේෂී මාතෘකාවක්. උදාහරණයක් විදිහට, පිළිවෙත වන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ජීවිතය හසුරුවා ගැනීම . සාම්ප්‍රදායිකව අපි බණ ඇහුවට වැඩක් නෑ. ඒ පංචශිල ප්‍රතිපදාව අපි රකින්නේ නැත්නම්. මම විදේශයන් හි බෞද්ධ ජනතාවත් සමඟ කටයුතු කිරීමේදී අවබෝධ කරගත් දෙයක් තමයි ඔවුන් කරන ප්‍රකාශයක්.

විසුම් විසුම් රක්ඛණත්තාය
තිසරණෝ පංචශිලං ...

ඒ කියන්නේ නිතර නිතර ආරක්‍ෂා කිරීම පිණිස පන්සිල් ඉල්ලනවා කියලා තමයි ඒ අය පංචශිලය සමාදන් වන්නේ. ඇත්තවශයෙන් අපි මෙය අනුගමනය කරනවා නම් පිළිවෙතින් පෙළ ගැසීම එතැනදීම සිදුවනවා. අපි පන්සිල් ගන්නවා. පොඩ්ඩක් එහාට ගියාම ආයෙ අපි ඒක අමතක කරනවා. පංචශිලය කියන්නේ නිත්‍ය ශිලය. ඒ ගැන කතා කිරීමේදී ඇත්තටම පුංචි සතුටක් හිතේ තියෙනවා. ඒ තමයි එදාට වඩා අද දුම්පානයෙන් මත්පැන් පානයෙන් බොහෝ පිරිසක් ඉවත්වෙලා. පිළිවෙතින් පෙළ ගැසෙන්නට නම් අප එය ප්‍රතිපත්තියෙන් කළ යුතුයි. හොරකම, වංචාව දූෂණය අවම කළ යුතුයි. මේ තත්ත්වය හදා ගතහොත් අපට සාර්ථක ජීවිතයකට පිය නගන්නට පුළුවන්. පාඨවල පිළිවෙතින් - පෙළගැසෙමු කියලා අපි සඳහන් කළාට අපි ඒක අනුගමනය කරන්නේ නැත්නම් ඒක අර්ථ ශුන්‍යයි. වචනයට පමණක් සීමාවන්නක් බවට පත්වෙනවා.

* ලංකාවාසී බෞද්ධ ජනතාව ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නට පිළිවෙතින් පෙළගැසෙන මොහොතකදී, ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පෙළගැසීම පිළිබඳව අපි කතා කළොත් ?

සම්බුද්ධත්ව ජයන්තිය ලෝකේ හැම රටකම ඉතාම උසස් ලෙස සමරන්න සූදානම්. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට සම්බන්‍ධව නිව්යෝර්ක්වලත්, ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය වැනි රටවලින් මේ වෙනුවෙන් සුවිශේෂි සූදානමක් දක්නට ලැබෙනවා. ඒ අනුව බලද්දි අපිට පැහැදිලිව වටහා ගත හැකියි විශාල උද්යෝගයක් ලෝකය පුරාම මේ එළඹෙන 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නට පවතින බව.

* ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නට බෞද්ධයෙකු පෙළ ගැසිය යුතු ආකාරය ඔබ වහන්සේ දකින්නේ කොහොමද ?

බෞද්ධයෙකු තමන්ගේ ජීවිතය ප්‍රතිපත්ති අනුකූලව ගත කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා මගේ ධර්මය ධර්මයට අනුකූලව ජීවිතය ගත කරන්න. ආමිෂයෙන් මා පූජා කිරීම මා එතරම් උසස් කොට සළකන්නේ නැහැ. උන්වහන්සේ ධර්ම දායාදය කියලා දක්වන්නේ ධර්මයට අනුව පිළිවෙතින් පෙළගැසීමයි. ඒකයි බුදුදහමේ උත්තරීතර සත්‍යය බවට පත්වන්නේ. සමහරු විවිධ පුද පූජා ආදිය පවත්වනවා. මම සෘජුව කියන්නෙ නැහැ, ඒවා හොඳ නැහැ කියලා. බෞද්ධ ප්‍රබෝධයක් ඇති කරන්න ඒ වගේ ප්‍රබෝධයක් තිබීම අවශ්‍යයි. නමුත්, මුල් තැන දියයුත්තේ ප්‍රතිපත්ති පූජාවටයි. වෙසක් තොරන්, කූඩු, දන්සැල් එක අතකට පූජාවක්. බුද්ධාගම කියන්නේ හැම කෙනෙකුටම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දහමක්.

බුදුරජාණන් වහන්සේගේ අනුපිළිවෙල තුළ කතා කරලා තියෙනවා දානං කථං, සීල කථං, ආදී වශයෙන්. මේ සියල්ලෙන්ම ඉස්සරවෙලා කියන්නේ දානේ දිය යුතුයි කියලයි. දානයේ තියෙන අනුසස් සිල් රුක විට තිබෙන අනුසස්. අනුක්‍රමයෙන් ඒ මනස යොමු කරන්නට ඕනේ මෙහි තිබෙන නිරර්ථක භාවයට. මේ හැම දෙයක්ම ස්ථිර නැහැ. මේ පිළිබඳව කතා කළාට අනුක්‍රමයෙන් ඒ පුද්ගලයා ඊළඟට යනවා බුද්ධත්වය අවබෝධ කරගන්නට. මේ කරා යන මාවතට එය පිටුවහලක් වෙනවා. නමුත් අප එතැනින් නැවතිය යුතු නැහැ. පුද පූජාවලට විතරක් මුල් තැන දීලා කටයුතු කරන එක අපට අගය කරන්න බැහැ. පුද්ගලයා අනුක්‍රමයෙන් ගමන් කරන්නට ඕනේ ප්‍රතිපත්ති අංශයටයි. මේ වෙසක් එකත් එක්ක ශ්‍රී ලංකාවේ ඕනෙම තැනකට ගියොත් ඕනේ තරම් අපට කෑම බීම හම්බවෙනවා. නමුත්, විදේශිකයින්ට ඒ ගැන හරි පුදුමයි. එහෙම දානේ දෙනවද කියලා.

ඒත් අපේ ලාංකිකයන්ට දන් දීමේ හොඳ පුරුද්දක් තියෙනවා. ඒ ගැන අපිට සතුටු විය හැකියි. නමුත්, විලාසිතා විදිහට මේ හැම දෙයක්ම අපි කරනවා නම් ඒක වැඩක් වෙන්නෙ නැහැ. දානය ප්‍රතිපත්තිය විදිහට පමණක් කළ යුතුයි. සමහර වෙලාවට දන්සල්වල බලෙන් කෑම දෙනවා. ඒක සුදුසු නැහැ. එය එතරම් හොඳ ප්‍රතිපත්තියක් ලෙස මා දකින්නේ නැහැ. පාරේ බස් නවත්වාගෙන, පොලු තියාගෙන, මේ දේ කරන්න හොඳ නැහැ. ප්‍රතිපත්තියක් විදිහට අපි මේ දේ කරන නිසා එතුළින් කාටවත් අවහිරයක් විය යුතු වන්නේ නැහැ. ඒ ආකාරයට සියල්ල සිදුවනවා නම් එය පිළිවෙතින් පෙළ ගැසීමක් ලෙසයි මා දකින්නේ . සමහර තැන්වල දන්සල් ඉවර වුණාට පස්සේ එතන සාදයක් නැත්නම් කෙනෙකුට මුදල් ලාභයක්. නමුත් , එය සිදුනොවිය යුත්තක්. එහෙම වුණොත් සිද්ධ වෙන්නේ කිරි කලයට ගොම මුසු කළා වගේ වැඩක් විතරයි.

* ස්වාමින් වහන්ස , " ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය " වෙනුවෙන් බොහෝ කටයුතු සිදුවන්නේ නගරාශි‍්‍රතව. මේ පිළිබඳව ගම්මුන් චෝදනා කරනවා මේ වෙනස ගමට දැනිලා නෑ කියලා. ඒ පිළිබඳව කතා කළොත් ?

මම දැක්කා පසුගිය දවස්වල මාධ්‍ය තුළ දක්වලා තිබුනු එකම ආකාරයට ඝණ්ඨාර ගහලා මෙය සමරන්න එක්වෙන්න කියලා. නගරයේ මෙය පැවැත්වූවාට ගමේ දැනුවත් බව අඩුයි කියලා කතාවක් තිබුණට ගම කියන්නේ හොඳට වෙසක් දැනෙන තැනක්. ගම දැනුවත් කළත් නොකළත් ගම හොඳ ප්‍රබෝධයකින් වෙසක් හැමදාම සමරනවා. මෙතන චෝදනාව එල්ල වෙන්නේ විග්‍රහකිරීම තවදුරටත් සිදු වුණා නම් හොඳයි කියලයි. නමුත්, පවතින මාධ්‍ය සංස්කෘතිය තුළ මෙය ගමට සන්නිවේදනය වෙනවා. මම දැක්කා මේ අගනුවර වෙළෙන්දෝ කියලා තිබුණා, ගමේ වෙළඳුන් වෙසක් කුඩු ගමට ගෙනයන ප්‍රවණතාව වැඩියි. ඒ හින්දා අපට වෙසක් කූඩ අඩුයි කියලා. ඒකෙන් තේරෙනවා ගම තුළත් ප්‍රබෝධයක් පවතිනවා කියලා.

* 1956 වසරේදී බුද්ධ ජයන්තියක් සමඟ සුවිශාල ආගමික ප්‍රබෝධයක් ඇති වුණා. ඒත් සමඟ 2011 වසරේදී ලබන සම්බුද්ධත්ව ජයන්තියක් සමඟින් කුමන ආකාරයක බෞද්ධ ප්‍රබෝධයක් ඇති වේයැයි විශ්වාස කරනවාද ?

1956 දී බුද්ධ ජයන්තිය සමරන මොහොත වන විට අපි පොඩි අය. ඒත් මට මතකයි එදා ඒ පිළිබඳ පුදුම උද්යෝගයක් තිබුණා. ත්‍රිපිටක පොත්පත් බුද්ධ ජයන්තිය පිළිබඳව ලියවුණා. මෙවරත්, ඒ ප්‍රබෝධය ලෝකවාසීන් තුළ පවතිනවා. මේ සම්බුද්ධත්ව ජයන්ති වසරක ආරම්භය අපට තව වසරක් ඉදිරිපිට තියෙනවා. ඉදිරියේදී කවුරු කවුරුත් මේ පිළිබඳව ප්‍රබෝධයෙන් කටයුතු කළොත් බුද්ධ ජයන්තියෙන් සිදු වූ සේවාවට වඩා ඉහළ තත්ත්වයක් මින් ලබාගන්නට පුළුවන්. මෙය මෙතැනින් අවසන් නොකර ඉදිරි වර්ෂය තුළත් මේ ප්‍රබෝධයම සිතේ රඳවාගෙන කටයුතු කිරීම ඉතා වැදගත් වූවක් ලෙස මා දකිනවා. එවිටයි, ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියෙන් සාරයක් ලෝකයට ලබා දිය හැකි වන්නේ.


--


                    ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
                         -------------------------------------------------------------
                              
                      

                        
Niroshan Fernando


__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive