Tuesday, May 17, 2011

Re: {Disarmed} [Yahalu-Yeheli] වෙසක් සුබ පැතුම් - බුදු දහම මුළු ලොවටම නිවැරැදි මඟ පෙන්නුවා

 

Pls don't send any mail to me from this address. It is realy a headache.

Sent via BlackBerry® from Dialog


From: Niroshan Weerapurage <niroshan.fernando@gmail.com>
Sender: yahaluyeheli@yahoogroups.com
Date: Tue, 17 May 2011 12:35:53 +0530
ReplyTo: yahaluyeheli@yahoogroups.com
Subject: {Disarmed} [Yahalu-Yeheli] වෙසක් සුබ පැතුම් - බ ුදු දහම මුළු ලොවටම නිව ැරැදි මඟ පෙන්නුවා

 

වෙසක් සුබ පැතුම්

බුදු දහම මුළු ලොවටම නිවැරැදි මඟ පෙන්නුවා

'අප තථාගතයන් වහන්සේගේ අවසන් බුද්ධ වචනයට අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැනදී නොපමාව කුසල් දහම් රැස් කොට සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මංගල්‍යය අර්ථවත් කර බුදුන් වහන්සේ සරණ යාමට මෙවර වෙසක් දිනයේ අදිටන් කර ගනිමු' යැයි වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව 2600 වන සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මහා මංගල්‍යය අප සමරන්නේ දැඩි භක්ත්‍යාදරයෙන් යුතුව ය.

සම්බුද්ධ දේශනාව වසර දෙදහස් හය සියයක් මුළුල්ලේ සමස්ත සමාජයට ම නිවැරැදි ජීවන මග පෙන්වා දී තිබේ. සකල ලෝක සත්වයා ඉන් ලැබූ සැනසීම අනන්ත ය. අප්‍රමාණ ය. අප මාතෘ භූමිය ලෝකයේ ගෞරවයටත්, අභිමානයටත් පාත්‍ර වන්නේ එවන් වූ උතුම් දහමක් වසර දහස් ගණනක් තිස්සේ රැක ගත් නිසාත් එම දහමට අනුව ජීවන පිළිවෙත හැඩ ගසාගත් නිසාත්ය.

රටට ගෞරවණීය සාමය උදා කිරීමේ දී සේම, මාතෘ භූමිය සංවර්ධනය කරා ගෙන යාමේදී ද අප පිළිපදින්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සතර අගතියෙන් තොර වූ මග ය. ධර්මය පෙරටු කොටගත් රාජ්‍ය ප්‍රතිපත්තියයි.

අක්කොධෙන ජිනෙ කොධං - අසාධුං සාධුනා ජිනෙ

ජිනෙ කදරියං දානෙන - සච්චෙන අලිකවාදීනං

"ක්‍රෝධ කරන්නා මෛත්‍රී කිරීමෙන් දිනිය යුතු ය. අසත්පුරුෂයෝ සත්පුරුෂකමින් දිනිය යුතු ය. මසුරා ත්‍යාගයෙන් ද, බොරු කියන්නා සත්‍යයෙන් ද දිනිය යුතු ය" යනුවෙන් සම්බුදු දේශනාවේ සඳහන් වේ. අප හමුවට එන සියලු අභියෝග වලදී මෙකී උතුම් දහමෙන් පෝෂණය වූ ආදර්ශය ලොවට ප්‍රදර්ශනය කළ යුතු වන්නේ ය.

තෘෂ්ණාව හේතුවෙන් ලොව හටගත් සියලු ගැටුම් නිරාකරණය වී සත් වගට මෙත් පතුරන මග අප ලෝකයට විවර කර දිය යුතු ය. නිවෙන සැනසෙන ලෝකයක් ගොඩ නැගීමට ධර්මයෙහි මග පෙන්වීම ලබා දිය යුතු ය.

අප තථාගතයන් වහන්සේගේ අවසන් බුද්ධ වචනයට අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී නොපමාව කුසල් දහම් රැස් කොට සම්බුද්ධත්ව ජයන්ති වෙසක් මංගල්‍යය අර්ථවත් කර බුදුන් වහන්සේ සරණ යාමට අදිටන් කර ගනිමු.

තෙරුවන් සරණයි !


--


                    ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
                         -------------------------------------------------------------
                              
                      

                        
Niroshan Fernando


__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
MARKETPLACE

Stay on top of your group activity without leaving the page you're on - Get the Yahoo! Toolbar now.


Find useful articles and helpful tips on living with Fibromyalgia. Visit the Fibromyalgia Zone today!

.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive