Saturday, July 10, 2010

[Yahalu-Yeheli] "දෙස්පළු ගෙවළයෝ" "සහ සයිබර් ගොරකයෝ" මව්බිමට තවමත් සමච්චල් කරති.. ඔබ කොහිද?



අන්න අරූ ගෙදර ගිහිල්ලා. හූ........හූ..........හූඌඌඌඌ.....................

බෑන් කී මූන් ද අකුල ගත්තෙ ?

නැත්නම්... මූන් කී බෑන් ද ?


"දෙස්පළු ගෙවළයෝ" "සහ සයිබර් ගොරකයෝ" මව්බිමට තවමත් සමච්චල් කරති.. ඔබ කොහිද?
- ඇස් අරින්න... අවදානම හඳුනා ගන්න.. ඉදිරියට එන්න.. මෙන්න අවස්ථාව..
10 July 2010 01:46 am
 
සිංහලයා පුවත් ඒජන්සිය:
මේ දිනවල නිතර දකින්නේත්, ඇසෙන්නේත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ අත්තනෝමතික "ඊනියා විද්වත් මණ්ඩලයට" එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ඇරඹි මාරාන්තික උපවාසයත්, ඒ හා සම්බන්ධ නවතම පුවත් වාර්තා ය.


කරූ ජයසූරියට අනුව "මේ විදිහට උපවාස කරලා මෙවන් ප්‍රශ්ණ විසඳා ගත නොහැකි අතර ඒ සඳහා රාජතාණ්ත්‍රික ක්‍රමෝපායයන් භාවිත කල යුතු ය" එහෙත් ඔහු ඒ ක්රමය කුමක්දැයි කියා නැත.. නන්නත්තාර විජිත හේරත්ට අනුව නම්, "එ.ජා. ලේකම්වරයාගේ ක්‍රියාකලාපය යනු ආණ්ඩුවේ ඉල්ලං කෑමකි.." අර සත පහකට වැඩක් නැති හරකෙක් වන තිස්ස අත්තනායකට අනුව නම්, එ.ජා. ලේකම්වරයාට එරෙහි විමල්ගේ ක්‍රියාදාමය බරපතල වරදකි.. හුදු වාචාලත්වය ධර්මය ම කොටගත් දයාසිරි ජයසේකරට අනුව, මේ ක්‍රියාදාමය ආණ්ඩුවේ සහයෝගයෙන් කල මවාපෑමකි.." බත් කන හරක් වැනි ලක්ෂ්මන් කිරිඇල්ලට සහ ජයලත් ජයවර්ධනට අනුව නම්, මෙම විරෝධතාවය සහ උපවාසය "ඉතාමත් වැරදි ක්‍රියාවකි.."

ඉහත සඳහන් කල සමහර "බත් කන මී හරක්" පොරවල් වීමට මෙන් වේදිකාවල "විමල්ගේ උපවාසය" සමච්චලයට ලක් කරමින් කතා කරයි,, අපහාස කර යි.. ආණ්ඩුවේ ක්‍රියාවක් සේ හුවා දක්වයි,,
පසෙකින් බලා සිටින එන්.ජී.ඕ. හිඟන්නෝ සහ කොළඹ තානාපති කාර්යාලවල බැලමෙහෙ කරන ගෙවලයෝ විසින් ඉහත "පොරවල්" කරන "පොර ටෝක්ස්" ඉතා මැනෙවින් ඉංග්‍රීසියට පරිවර්තනය කොට පැය ගණනක් තුල බටහිරට හෝ යුරෝපයට ඊමේල් කරයි.. එක්සත් ජාතීන් ද, බැන් කී මූන් ද, ඇමෙරිකාව හෝ බ්‍රිතාන්යය ද සිය "නිළ" නිවේදන සැණෙකින් නිකුත් කරන්නේ අර ඊමෙල් වලින් එන තොරතුරු වලින් බව ඉහත සඳහන් කල අමනයෝ නොදනිති.

එ.ජා මහලේකම් බැන් කී මූන් ගේ මේ හිතුවක්කාර පිළිවෙත පිලිබඳ ව පැහැදිලි ලෙසම "හෙළාදැකීමක්" විපක්ෂය වෙනුවෙන් කෙනෙක් කලා නම් ඒ සජිත් ප්‍රේමදාස මහතා පමණෙකි.. අනිත් එවුං "නපුංසකයන්" සේ බලා සිටි අන්දම ලජ්ජා සහගත ය.. ඒ සඳහා ඉදිරියට ඒමට තරම් ශක්තියක් ධෛර්‍යයක් තිබූ සජිත් ප්‍රේමදාස මහතාට අපි ශීර්ෂ ප්‍රණාමයෙන් ස්තූති කරමු..

මේ අතර "අද දෙරණ", "ඩේලි මිරර්" වැනි අන්තර්ජාල පුවත් වෙබ් අඩවිවල මේ සම්බන්ධයෙන් පලවන පුවත් වලට "කමෙන්ට්" හෙවත් ග්‍රාහක අදහස් ඔස්සේ අදහස් දක්වන කොළඹ සහ පිටරට වෙසෙන ඉංග්‍රීසියෙන් පමණක් හිතන, පතන සහ කතා කරන "ලෝකල් ක්ශේෂ්පියර්ලාට" අනුව නම් විමල් යනු "පල් මෝඩයෙකි..", විමල් යනු "රාජපක්ෂ පවුලේ සේවකයෙකි..", විමල් මේ කරන්නේ "බොරුවකි..", විමල් යනු "මොට්ටයෙකි..", එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මේ ක්‍රියාකලාපය ආණ්ඩුවේ වරදකි.., විමල් යනු "ඉංග්‍රීසි බැරි" ගොඩයෙකි..

එසේ නම් දැං,
"වැරදි විමල් ය..."
"බැන් කී මූන් හරි ය.."

මන්ද, ඉහත අදහස් පල කරන කාලකණ්නි මන්ද මානසිකයන් අතරේ එකෙකුවත් බැන් කී මූන්ගේ මේ අත්තනෝමතික ක්‍රියාව වැරදි යැයි නොකීමට තරම් පාදඩ වී තිබේ.. නැතහොත් සාහසික වී තිබේ.. "බැන් කී මූන් වැරදි" යැයි කීමට තරම් මේ එකෙකුටවත් කොන්දක් හෝ පිරිමිකමක් නොමැත..
එහෙත් මව්බිමේ ස්වෛරීත්වය වෙනුවෙන් සටන්කාමී අරගලයක යෙදෙන විමල් වීරවංශට එල්ල කෙරෙන උපහාසයන්, සමච්චල් කිරීම් අඩුවක් නොමැත..

කොළඹ සහ විදෙස් රටවල සිටින්නා වූ ඉංග්‍රීසියෙන් හිතන පතන සහ කතා කරන ( හැමෝම නොවේ ) අමුතුම මිනිස් කොට්ඨාසයක් අප අතරේ වෙසෙති.. ඔවුහු සම-හරක් කොළඹ ලොකු පාසල් වලට ගියවුන් වෙති.. සාමාන්ය ජනයා අතරේ ඉංග්‍රිසියෙන් සුරුස් බුරුස් ගෑම පමණක් මහ ලොකු දෙයකැයි සිතති.. ( එහෙත් උංට ඇත්තේ ඉංග්‍රීසි පමණම ය.. ඉතිහාසයක්, ජාතික කැක්කුමක්, සෞන්දර්යයක්, රස විඳීමක්, සංස්කෘතියක් නොදත් මෙවැන්නෝ හුදෙක් ම "හිස් මිනිස්සු" වෙති.. ඇත්තෙන් ම රටට බරකි.. )

උදේ සිට හවස් වෙනතුරු අන්තර්ජාලයේ පිස්සු කෙළිති.. උන්ගේ දහම "වනචරකමයි".. දැනුම ලබා ගන්නේ "ටැමිල්නෙට්" හෝ "ලංකා ඊ නිව්ස්" වැනි කුණුහරුප වලිනි.. දිනකට "ඊමේල්" සිය ගණනක් "ෆෝවඩ්" වුණත් ඉන් වැඩි හරියක් "කුණුහරුප" හෝ "සෙක්ස් චැට්" ය.. "ගමේ ඉස්කෝලෙකින් ආ එකෙක් දුටු විට මුන්ට ඌ ගොඩයෙකි.." ඉංග්‍රීසි දන්නේ නැතිනම් අර ගමෙන් ආ එකාව ගොඩයෙක් සේ අවමන් කරයි..

ඉහතින් සඳහන් කල අවජාතකයෝ ඉස්සර ද මෙසේම ය..
ආරක්ෂක හමුදා මානුෂීය මෙහෙයුම් ක්‍රියාත්මක වීමට පෙර..
"මේක මෙහෙම කොරල බෑ... ඉන්ටර්නැෂනල් ප්‍රොසීඩියර් එකට යන්ඩ ඕනෙ... පීස් ටෝක්ස් තමයි එකම සොලුෂන් එක..ඇමරිකාවයි එංගලන්තෙයි තරහ කරගෙන බෑ.. ෆොරීන් ඒඩ්ස් ගන්ඩ නම් එයාල කියන විදිහට ඉන්ඩ ඕනෙ.." යි පැවසූ හ..

වන්නි මානුෂීය මෙහෙයුමෙන් අපේ හමුදාවන් දිනෙන් දින ඉදිරියට යන විට,
"ඇත්තටම ඔය කියන විදිහට වෙනවද?.... දැං යාපනේ අල්ලල ද?... හමුදාවෙ සෑහෙන්න මැරෙයිලු නේද?... කොටි එක්ක අමාරුයි... ආණ්ඩුව මේ කරන්නෙ බොරුවක්... ඕක දීල දැම්ම නම් ඉවරනෙ.. ඇමරිකාවට කන්ට්‍රැක්ට් එක දුන්න නම් සිම්පල්නෙ.. ඔය කිව්වට ආයිත් පස්සට එයි... ආණ්ඩුව මේ රට ලේ විලක් කරලා.." යි පැවසීමට තරම් අලජ්ජී නරුමයෝ වූ හ..

එහෙත්,
අපේ වීර කොල්ලන් විසින් යුද්ධය නිම කල දා මුළු රටක් ජය පැන් බොද්දී, ඉහත කී උං ද සිය වාහන වල ජාතික කොඩිය ලෙළදවමින් සහ දන්සල් වලින් කිරිබත් කමින් "කිසිත් නොදත්තවුන් සේ" ජය සැමරීමට තරම් අලජ්ජී වූ හ...

මේ ලිපිය ලියන්නේ ඉහත සඳහන් කල අවජාතක "රෝගීන්" ගැන සඳහන් කිරීමට නොවූවත්, ඒ ගැන කීමට සිදුව තිබේ...

විමල් වීරවංශ යනු ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රීවරයෙකි, ඇමතිවරයෙකි.. එහෙත් ඔහු ගෙන යන සටන්කාමී අරගලය කා වෙනුවෙන් ද? මුළු රටක් වෙනුවෙනි... හරි නම් දහස් ගණනක් වූ පිරිස් ඔහු මෙන් උපවාස කලයුතු වන්නේ, ඇමරිකානු-බ්‍රිතන්ය පදයට නටමින් ශ්‍රී ලංකාව තමන්ගේ "නිල නොවන" යටත් විජිතයක් කිරීමට සැරසෙන එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව මීටත් වඩා දැනෙන බලපෑමක් කලයුතු නිසාවෙනි..

මෙය කියවන ඔබෙන් අපි ඉල්ලීමක් කරමු,,, ඒ රට වෙනුවෙනි.. ඔබ සහ අපි වෙනුවෙනි... රටේ අනාගතය වෙනුවෙනි..

මේ ලිපියේ වූ භාෂා ශෛලිය පිලිබඳ ව නොයෙකුත් තර්ක ඇති වියහැකි නමුදු භාෂාව සිංහල ය.. අන්තර්ගතය පැහැදිලි ය.. කණට ගසා කියන්නට ඕනෑ දෙය ඔළුව අත ගා කීමෙන් පලක් නැති බවද කරුණවෙන් සලකන්න.. එමෙන්ම, විමල් වීරවංශ හෝ මව්බිම වෙනුවෙන් සටන්කරන ඕනෑම අයෙකු ව, දේශපාලන හෝ පුද්ගලික දෘෂ්ටියකින් පමණක් බලා සමච්චලයට ලක් කරන හෝ අපහාස කරන පාදඩයෙක් වේ නම්, "නොබිය ව ඔබේ අප්‍රසාදය පල කරන්න..." ( හැරෙන තැපෑලෙන් කණ පැළෙන්නට ගසනවා නම් වඩාත් හොඳ ය..) එමෙන්ම, මේ ලිපියේ ඇති කරුණු ඔබට රිසි සේ ( විකෘති නොකර ) උපුටා ඊමේල්, ෆේස්බුක් වැනි ක්රම වලින් අන්තර්ජාලය තුල සංසරණය වීමට සලස්වන්න.. කතාබහක් කෙරෙන විට මේවා කියන්න.. ඉහත කී අර අළුගුත්තේරුවන්ගේ අදහස් හෝ මතවාද වලට පහර දීමට මෙහි ඇති කරුණු හොඳටම ප්‍රමාණවත් ය..

ඔබට හැකි පමණින් තනි තනි ව ඔබේ යුතු කම මව්බිම වෙනුවෙන් කරන්නේ එසේ ය.. නැති ව කට වසාගෙන සිදු වන දේ පමණක් බලා සිටිමින් ඉඳීම නොවේ.. මිනිස් ජීවිතය කොයි වෙලේද කියා නැත.. ඔබ/මම හෙට මිය යා හැකි ය.. ඒත් නිකං ම නිකං මැරෙනවා ද? මව්බිම වෙනුවෙන් ණය ඉතිරි නොකර මිය යනවාදැයි තීරණය ඔබේ ය.. මව්බිම වෙනුවෙන් යුතුකම් ඉටුකිරීම මෙවන් අවස්ථාවක දී "පුංචි ම පුංචි දේකින්" පටන් ගන්න..

එමෙන්ම,
ටිබෙට් එස්. මහින්ද හාමුදුරුවෝ මෙලෙස ද වදෑරූ බව ගුරු කොට ගන්න..

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකලොත් නුඹෙන් පුතේ
මෙලොවට කිසි පලක් නැතේ..

සටන් බිමට නොගොසින් බොරු බියෙන් බැඳි
සිටින්නෙමු ද කවදත් මුළු වලට වැදී
පිටින් වදින මරු පහරට පපුව නොදී
කටින් ජාති ආලය කිව්වාට මදී


- සිංහලයා පුවත්
 
 
 




__._,_.___



   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        




Your email settings: Individual Email|Traditional
Change settings via the Web (Yahoo! ID required)
Change settings via email: Switch delivery to Daily Digest | Switch to Fully Featured
Visit Your Group | Yahoo! Groups Terms of Use | Unsubscribe

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive