මාල්‍යෙයදේව තෙරුන්ගේ කතාව බත් උළුවලින් හා පිටිවලින් මිශ්‍ර වූ ඒ කැඳ රැගෙන තෙරනම කැමති තැනකට ගියේය. (5) පුවඟු දිවයින තිස්ස තෙරුන් විසින් එවන ලද භික්ෂු දෙනමක් මේ තෙරුන් දැක පිණ්ඩපාතය රැගෙන පැමිණියාහ. (6) දේව තෙරනම එවුන් ගෙනා ආහාරය ගන්ට නොකැමැති විය. ඒ මැහැල්ලියට අනුකම්පා කරමින් ඒ කැඳ ටිකම වැළඳීය. (7) එය වලඳා අවසන්හි දිවැසින් බලා ඒ මැහැල්ල සැට කල්පයක් මුළුල්ලේ මෙහි විපාක විඳින්නීය යි කීය. (8) තෙරුන්ගේ කීම ඇසූ ඒ පිණ්ඩපාත භෝජනය ගෙනා රහත් තෙර දෙනමගෙන් එක් නමක් (9) දුර්භික්ෂ කාලයේ දී දුෂ්කර දෙයක් කළ මේ උපාසිකාව සැත්තෑ කල්පයක් සැප විඳින්නීයයි කීය. (10) දෙවෙනි තෙරනම "මහතෙරණුවෝ ස්වල්පයක් දුටුවාහ; ඔබත් ස්වල්පයක් දුටුවාහ. මැහැල්ල අසූ කල්පයක් සැප විඳින්නීය"යි කීය. (11) ඒ භික්ෂු දෙනම නැවත රේවත මහතෙරුන් වෙත ගොස් සැක දුරු කරගැන්ම සඳහා ඒ කාරණය විචාළාහ. (12) "මා මල්‍යදේව තෙරනම සැට කපක් දුටිමි. ධම්මගුත්ත තෙරනම අසූකපක් දුටුවේය. (13) හැමදෙන ස්වකීය ශක්තිප්‍රමාණයෙන් මෙය දකිත්, ඔබ වහන්සේට කෙතෙක් පෙන් දැයි කිව මැනවි." (14) දේව තෙරනමත් තෙපිත් අල්ප සංඛ්‍යාවක්ම දුටුවාහ. මැහැල්ලිය අනූකපක් සැප විඳින්නීය යි රේවත තෙරණුවෝ කීහ. (15) මේ භික්ෂුදෙනම සාගරයට ඇතුල්ව එහි වසන මහත් සෘධි ඇති නාග තෙරුන් වෙත ගොස් මේ කාරණය විචාළහ. (16) නාග තෙර නම ඔවුන් කේලාසපබ්බත විහාරයට යවා එහි වසන එතුමාගේ ශිෂ්‍ය වූ සාමණේර නමගෙන් විචාරන්ට සැලැස්වීය. (17) එහි ගිය ඒ දෙනම සාමණේර නමට ඒ සියල්ල කීහ. (18) හැමදෙනාගේම කීම් ඇසූ පිරිසිදු නුවණැති දක්ෂ වූ සාමණේරනම මොහොතක් කල්පනාකොට බලා (19) "මේ දානය අප්‍රමෙය වූ, කල්ප වශයෙන් ගණන් කළ නොහැකි කාලයක් විපාක දෙන්නකි. වරද පිළිගත මැනවැ " යි කීය. (20) යම් කිසිවකු විසින් පිරිසිදු සිතින් අධික ගුණ ඇත්තන් කෙරෙහි දෙන ලද දානයාගේ විපාකය ප්‍රමාණ කරන්නට නොවටී. .
ඉතා පැරැණි සිංහල බණ කතා
තාම්‍රපර්ණි ද්වීපයෙහි කම්පුව නම් ගමක් විය. එය මාලෙය්‍යදේව තෙරුන් ශික්ෂා සඳහා හැසිරෙන ගමකි. (2) ඒ තෙරනම එක් දිනක් උදෑසනින් නැගිට පාත්‍ර සිවුරු ගෙන පහත හෙළාගත් ඇස් ඇතිව සිහියෙන් යුක්තව ගෙ පිළිවෙලින් වැඩියේය. (3) එසේ වඩින තෙරනම දුගී කුලයක් වෙත පැමිණෙන විට එහි වැසි දිළිඳු අසරණ මැහැල්ලක් කැඳ කිනිස්සක් එතුමන්ට දුණි.
පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ
'ඉතා පැරැණි සිංහල බණ කතා' පොතෙන් උපුටා ගැනිණි.
--
!!!((((((((Receive Wonderful Items Like This))))))!!!
Send a Mail to
yahaluyeheli-subscribe@yahoogroups.com
Confirm your Request & Join with us
or Click here to join yahaluyeheli
Late Last Night and the Night Before
Tommyknockers, Tommyknockers knocking at the door
I Want to Go Out, don't Know if I Can
'Cause I am so afraid
of the Tommykncoker Man
________________Y A H A L U Y E H E L I______________
))))))) It's the Tommyknocker day..!(((((((
0 comments:
Post a Comment