Tuesday, May 17, 2011

[Yahalu-Yeheli] අපිරිසිදු සිත බැහැර කර සමාධිය උපදවාගනිමු

 


අපිරිසිදු සිත බැහැර කර සමාධිය උපදවාගනිමු

මේ කව්රුත් ඉතා ම කැමතියි සමාධිය ඇතිකර ගන්ට. කව්රුත් ඒකට මහන්සි වෙනවා. නමුත් බොහෝ අයට සමාධිය උපදවා ගන්ට අමාරුයි. සමාධිය ඇතිකර ගැනීමේ වාසනාව මේ කාටත් තියෙන්ට පුළුවන්. සමාධිය ඇතිවෙන්නේ හිතේ අපිරිසිදු ස්වභාවය දුරුවීමෙන් ද? නැත්නම් සමාධිය ඇතිවීමෙන් ද අපිරිසිදු ස්වභාවය දුරුවෙන්නෙ? හිතේ තියෙන අපිරිසිදු ස්වභාවය දුරුවීමෙන් තමයි සමාධිය ඇතිවෙන්නෙ. සමාධිය ඇතිකර ගැනීමෙන් අපිරිසිදු ස්වභාවය දුරුවෙනව ද? නෑ. එහෙම නෙවෙයි වෙන්නෙ. හිත පිරිසිදු වීමෙන් තමයි සමාධිය ඇතිවෙන්නෙ. එහෙනම් සමාධිය ඇතිකර ගැනීම පිණිස තිබෙන බාධාව මොකක් ද? හිතේ තිබෙන අපිරිසිදු බව යි. හිතේ අපිරිසිදු බව බැහැර කරගත්තොත් සමාධිය ඇතිවීම පහසු දෙයක් ද? අපහසු දෙයක් ද? පහසු දෙයක්.

එහෙනම් ඒ හිත කිලිටිවෙන ස්වභාවය තේරුම් අරගෙන, ඒ කිලිටි වෙන ස්වභාවයට ඉඩ නොදී හිත පිරිසිදු බවට පත්කර ගත්තොත් අපිට පහසුවෙන් සමාධිය උපදවා ගන්ට පුලුවන්. සමාධිය ඉපදෙනව එතකොට. එතකොට යම් විදිහකින් සමාධිය ඇතිකර ගන්ට යමෙකුට පුළුවන් නම්, ඒ සමාධිය ස්ථිර කරගෙන බලවත් කරගන්ටත් උපකාර වෙන්නෙ, හිතේ කිලිටි ස්වභාවය තවදුරටත් බැහැර කරගන්ට කටයුතු කිරීම යි. ඒ හිත කිලිටිවෙන ස්වභාවයන් ආයෙ ආයෙ ඇතිවෙනවා නම් යම් කෙනෙක් තුළ, යම් සමාධියක් ඇතිවුනොත් ඒ සමාධියට හානිවෙනව. අපිට සමාධි ස්වභාවයක් ඇතිවුනොත් ඒ සමාධි ස්වභාවය දියුණු කරගන්ට ඕනැ, බලවත් කරගන්ට ඕනැ, ඒ සඳහාත් කළ යුත්තේ හිතේ යම් කිලිටි තියෙනව නම්, හිත කලිටිවෙන ස්වභාවයන් තියනව නම්, ඒ ස්වභාවයන් බැහැර කරගැනීමයි. හිත කිලිටි වෙනව නම් ඒ ස්වභාවය සමාධියට හානිකර දෙයක්.

එතකොට අපි පිරිසක් එක්ක වාසය කරද්දී අපේ හිතේ කිලිටිවෙන ස්වභාවයන් හඳූනා ගත්තෙ නැත්නම්, දිගින් දිගට ම හිත කිලිිටිවෙලා යන්ට පටන් ගත්තොත් අපිට සමාධියක් ඇතිකර ගන්ට තියෙන අවස්ථාව නැතිවෙලා යාමේ ඉඩකඩ වැඩි යි. ඒ වගේ ම යම් සමාධි ස්වභාවයක් තිබුනා නම් ඒ සමාධි ස්වභාවය නැතිවෙලා යන්ට පුළුවන්. ඒ සමාධියට හානිවෙන්ට පුළුවන්. ඇයි හිත කිලිටිවෙන ස්වභාවය හඳූනා ගන්නෙ නෑ. හඳූනාගෙන ඒක බැහැර කරන්නෙත් නෑ. එයාට සමාධියක් උපදවා ගන්ට තියෙන අවස්ථාව නැතිවෙලා යන්ට පුළුවන්. සමාධිය ඇතිකර ගත්තොත් අපිට ධර්මය අවබෝධ කරන්ට තියෙන අවස්ථාව පෑදෙනව. ඒ සමාධිය කියල කියන්නෙ නිවන් මඟ යි.

ඒ නිසා පිරිසක් සමඟ වාසය කරද්දී, ඒ පිරිස ඇසුරු කිරීමත් එක්ක දොස් සහිත ආකාරයෙන් පිරිස ඇසුරු කළොත් අපේ හිත කිලිටිවෙලා යනව. යහපත් ආකාරයෙන් පිරිස ඇසුරු කළොත් අපේ හිත පිරිසිදු වෙනව. ඒ නිසා යහපත් ආකාරයෙන් පිරිස ඇසුරු කරන්ට පුරුදු වෙන්න. යහපත් ආකාරයෙන් පිරිස ඇසුරු කළොත් හිත කිලිටිවෙන ස්වභාවයන් බැහැර කරගන්ට අපිට පුළුවන්. ලෝභය, තරහ, වෛරය, ක්‍රෝධය, ඊරිසියාව, ගුණමකුකම, මේ ආදී හිත කිලිටිවෙන, අපිරිසිදු වෙන ස්වභාවයන් තියෙනව. මේ හිත අපිරිසිදු වෙන ස්වභාවයන් බැහැර කරගන්ට පුළුවන් යහපත් විදිහට පිරිස ඇසුරු කරනවා නම්. අයහපත් විදිහට පිරිස ඇසුරු කළොත් අර කිලිටි එන්ට එන්ට වැඩිවෙලා යනව.

අයහපත් ආකාරයෙන් පිරිස ඇසුරු කළොත් ලෝභය වැඩිවෙලා යනව, වෛරය, තරහ, ක්‍රෝධය, වැඩිවෙනව. මාන්නය, ඊරිසියාව, ගුණමකුකම, මේව වැඩිවෙනව. ඒ වගේ වුනොත් අපිට සමාධියක් ඇතිකර ගන්ට තිබෙන අවස්ථාව නැතිවෙලා යනව. යම් සමාධි ස්වභාවයක් ඇතිවෙලා තිබුනොත් ඒකත් නැතිවෙලා යන්ට පුළුවන්. ඒ නිසා හොඳට සිහිකල්පනාව උපදවාගෙන ඒ හිත අපිරිසිදු වන ස්වභාවයන් තේරුම් ගන්න. හිත අපිරිසිදුවෙන ස්වභාවයන් තේරුම් අරගෙන, ඒ අපිරිසිදු වෙන ස්වභාවයන්ට ඉඩදෙන්ට එපා. ඒව බැහැර කරගන්ට. තමන්ට හිතවත්ව කටයුතු කරන කෙනාත්, අනුන්ට හිතවත්ව කටයුතු කරන කෙනාත් හොඳට තේරුම් ගන්ට උත්සාහ කළ යුතු දෙයක් තමයි තමන්ගේ හිත කිලිටි වෙන ස්වභාවයන්. ඒව තමයි තරහ, ඊරිසියාව, වෛරය, ක්‍රෝධය, ගුණමකුකම, මාන්නය. මේ වගේ දේවල් වලින් හිත කිලිටිවෙනව.

එතකොට අපි තෙරුම් ගන්ට ඕනැ ඒව අපේ හිතේ තියෙනව ද? නැද්ද? කියල. එසේ තේරුම් ගැනීම ම තමයි ධර්මය පුරුදු කිරීම කියල කියන්නෙ. ඉතින් මේ හිත්වල ඒව තියෙන්ට පුළුවන්. ඒ නිසානෙ අපි සසරෙ ගියෙ. දැන් අපි මේ ධර්මය පුරුදු කරන්ට පැමිණියේ ඒ තිබෙන කිලිටි හඳූනාගෙන බැහැර කරන්ට යි. ඉතින් ඒ කිලිටි තියෙන තාක් අපේ කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා දොස් සහිත වෙන්ට පුළුවන්. ඒ නිසා අපි ඒ කිලිටි හඳූනා ගනිමින් බැහැර කරගන්ට ඕනැ. එතකොට අපේ ඒ හිතේ තියෙන කිලිටි බැහැර වෙන්ට බැහැර වෙන්ට කායික, වාචසික, මානසික ක්‍රියා පිරිසිදු වෙනව, යහපත් වෙනව. එතකොට හිත ක්‍රම ක්‍රමයෙන් පිරිසිදු වෙනව. ඒ පිරිසිදු හිත තුළ සමාධිය ඇතිකර ගන්ට පහසුව ඇතිවෙනව. ධර්මාවබෝධය ඇතිකරගන්ට පුළුවන්. ධර්මාවබෝධය ඇතිවෙනව.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!


--


                    ඔබ සැමට තෙරුවන් සරණයි ! ! !
                         -------------------------------------------------------------
                              
                      

                        
Niroshan Fernando


__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive