ත්‍රිපිටක ධර්මය සජ්ඣායනා කිරීමේ පින්කමක් බෝම්බුවලදී 
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධිරාජාරාම දස්සනසාර ධර්මායතන පිරිවෙනේදී ත්‍රිපිටක සද්ධර්මය සජ්ඣායනා කිරීමේ මහා පුණ්‍යකර්මය මෙම මස 18 වන දින සිට පුරා දින සියයක් මුලුල්ලේ පැවැත්වේ.
ප්‍රධාන අනුශාසකත්වය, අග්ගමහා පණ්ඩිත දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමි, අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නාහිමි පණ්ඩිත,බෝපිටියේ වංශානන්ද හිමි, ශාස්ත්‍රපති ගෝනදුවේ ගුනානන්ද හිමි විසින්, සිදු කැරේ. ධර්මෝපදේශක මණ්ඩලය ලෙස ශාස්ත්‍රපති තිරිකුණාමලයේ ආනන්ද අනුනා හිමි පණ්ඩිත නෙළුවේ සුමනවංශ හිමි, පණ්ඩිත කම්මවාගාචාර්ය ලත්පදුරේ රාහුල හිමි , පණ්ඩිත දොඩම්පහළ සිරි සුගුණ හිමි, මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි කටයුතු කැරේ. ප්‍රධාන සංවිධායක ලෙස ශාස්ත්‍රපති හල්වතුරේ අස්සජි හිමිද, සභාපති ලෙස කළුතර දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.ටී. කමල් පද්මසිරි මැතිතුමා කටයුතු කැරේ.
17 වැනි දින ධර්ම මණ්ඩපයෙහි ත්‍රිපිටකය තැන්පත් කිරීම හා පූජෝපහාර පැවැත්වීම 18 වැනි දින ප. ව. 2.30 ට බුද්ධ වන්දනාව හා පූජෝපහාර පැවැත්වීමෙන් පසුව ත්‍රිපිටක සජ්ක්‍ධායනාව ආරම්භ කැරේ.
දිනපතා ප.ව. 2.00 සිට රාත්‍රී 10 දක්වා සජ්ඣායනා කැරේ. පොහොය දිනයන්හි අලුයම සිට පසුදා පහන් වන තුරු සජ්ඣායනා කැරේ. දිනකට පහන් 1000 බැගින් දල්වා දින අසූහතර සම්පූර්ණ වීමේදි අසූහතර දහසක් ධර්මස්කන්ධ පහන් පූජාව පැවැත්වේ.
--
!!!((((((((Receive Wonderful Items Like This))))))!!!
Send a Mail to
yahaluyeheli-subscribe@yahoogroups.com
Confirm your Request & Join with us
or Click here to join yahaluyeheli
Late Last Night and the Night Before
Tommyknockers, Tommyknockers knocking at the door
I Want to Go Out, don't Know if I Can
'Cause I am so afraid
of the Tommykncoker Man
________________Y A H A L U Y E H E L I______________
))))))) It's the Tommyknocker day..!(((((((
0 comments:
Post a Comment