Sunday, May 22, 2011

[Yahalu-Yeheli] නිව්යෝර්ක් ජවුසම හා ලංකා චාවේස්...

 

නිව්යෝර්ක් ජවුසම හා ලංකා චාවේස්


පහු ගිය දවස් වල වීර මල්වංශ තුමා එක්සත් ජාතීන්ගේ සංවිධානයටත්,එහි ලොක්කා බෑන් කී මූන් ටත් ඇමෙරිකාව හා එංගලන්තයටත් විරුද්ධව මහා ජල්ලියක් ඇල්ලුවේය. මුලින්ම එජා කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණ කර ඉන්පසු ලෙමන් පෆ් කමින්, තැඹිලි වතුර බොමින්, රෝහලාංතික මහා උපවාසයක් කළේය.

ඒ අතර එතුමාගේ අනුගාමිකයෝ කොන්ඩම් පැළඳ ගෙන උපවාස කුටිය වට ගරා යකුම නටමින් බෑන් කී මූන් ගේ පඹයන් සදා ගිනි තබමින් මහා විකාරයක් කලෝය. මෙවර මැයි දිනයේදී මල්වංශ පක්ෂයේ පෙළපාලියේ මිනිසුන්ට වඩා සිටියේ බෑන් කී මූන් පඹයන් ය.

වීර මල්වංශ හා සගයින් බෑන් කී මූන් , එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකාව, එංගලන්තයා හා අනිකුත් බටහිර රටවල් ගැන හැසිරුනේ තම තරහ කාරයින් ගැන ගමේ ගොඩේ චන්ඩින් හැසිරෙන "මගේ අතට ඕකුන් අහු උනොත් කනවා " යන විලාසයටය.

වෙනකක් තියා මේ මල්වංශ ,දැන් තියෙන එජා සංවිධානයෙන් අයින් වී වෙනම එකක් හදා ගන්න බවටත් කට පත්ත බෑවේය. මේවා දුටු පෘතග්ජනයින් වන අපි හිතුවේ මූ නම් මාර පොරක් ය, මූට බටහිරයන් පෙන්ට බැරිය, ජාතිය බේරා ගන්ට ආ දියසේන කුමාරයා නම් මූ ය, ලංකාවේ චාවේස් මූය , ලංකාවේ කස්ත්‍රෝ මූ ය. ආදී වශයෙන් වූ දේශප්‍රේමී, මල්වංශ ප්‍රේමි, විප්ලවාවාදී සිතුවිලිය. ඇත්තටම ළඟ පාතක හිටියා නම් උම්මා එකක් දෙන තරම් ආදරයක්ය.

එහෙවු මල්වංශ නිව්යෝර්ක් වල කොහෙද පන්සලක ඉන්න හාමුදුරු කෙනෙක් සම්බුද්ධත්ව ජයන්තියට එන්නයි කියූ විගස දේශප්‍රේමී කම ඇඳ ගෙන සිටි රෙදි වල ඔතා ඒ රෙදි කටුනායක තියා විභූති පුත්‍රයාත් සමග නිව්යෝර්ක් වලට වැඩම කළේය. අපි හිතුවේ මූ මේ ගමන් ඉතින් නම් මූන්වත් ඉවර කර උගෙන් සම්බල් හදලාම එයි කියලාය.

ඒ අපිට හිතුන හැටිය. ඒ වුනත් ….

බෞද්ධ උත්සවයේ දී මූන් කතා කරන විට මේසයක් යට හැංගී හිටි මේ දේශප්‍රේමියානෝ මූන් සභාවෙන් ගියපසු වචන දෙක තුනක් එතන හිටි මේ රටේ අයට පමණක් තේරෙන සිංහලෙන් දෙසා බා අඩියට දෙකට මාරුය. ලංකාවේ ඉන්න මැට්ටන්ට නොතේරුනාට නිව්යෝර්ක් වල ඉන්න ලාංකිකයන් සතා කවුදැයි දන්නා නිසා උද්ඝෝෂනයද හබක්ය. ඉන්පසු කෙලින්ම දේශප්‍රේමී විදියට නයගරා ඇල්ලටය.

චේ ගුවේරා වගේ අයත් එජා සංවිධානයේට ගොස් ඇත. හැබැයි මේ වගේ පච වෙන්නට වත් , ජනතා මුදල් වලින් නයගරා ඇලි බලන්නටවත් නොවේ ය. ඔවුන් නියම විප්ලවවාදීන් විදියට එජා මහා සභාවේ කොන්ද කෙලින් තියා ගෙන කතා කලෝය. මුන්දලා වගේ තමන්ගේ රටේ දී අධිරාජ්‍යවාදීන් පතුරු ගසා , මූලස්ථානයේදී ඔවුන් හමු වූ විට හැන්ගුනේ නැතිය. ඒ කට්ටිය එහෙමය .

අපේ දේශප්‍රේමී කට්ටිය මෙහෙමය. යන්නේ මහජන මුදලින් ආතල් ගන්නටය. පිට රටක යන්නට තිබේ නම් බුදුන් හෝ දේශප්‍රේමය නොව අම්මා වුවත් විකුණා යනු ඇත.

සටහන- බටහිරයන්ට විරුද්ධව උදේ හවස උඩු බුරන මේ මල්වංශ තුමාගේ පුත්‍රයා උගන්නේ එංගලන්තයේ ය. සමහර විට එංගලන්ත කාරයින්ට දේශප්‍රේමය උගන්නන්ට යැව්වා වෙන්ට ඇතිය.

http://gadflyzone.wordpress.com/2011/05/22/%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%A2%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B6%B8-%E0%B7%84%E0%B7%8F-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F/
-- 

෴  Saman Rathnayake | සමන් රත්නායක ෴ 
-----------------------------------------------------------------------------------------------------------------------

__._,_.___
Recent Activity:

   !!!((((((((Receive Wonderful Items Like This))))))!!!
                      Send a Mail to
           yahaluyeheli-subscribe@yahoogroups.com
             Confirm your Request & Join with us
               or Click here to join yahaluyeheli

              Late Last Night and the Night Before
         Tommyknockers, Tommyknockers knocking at the door
             I Want to Go Out, don't Know if I Can
                    'Cause I am so afraid
                    of the Tommykncoker Man


   ________________Y A H A L U Y E H E L I______________          
         ))))))) It's the Tommyknocker day..!(((((((
        
MARKETPLACE

Stay on top of your group activity without leaving the page you're on - Get the Yahoo! Toolbar now.


Get great advice about dogs and cats. Visit the Dog & Cat Answers Center.

.

__,_._,___

0 comments:

Post a Comment

Blog Archive