මිනී පෙට්ටියක් කියූ සැනින් ඔබටත් මටත් මරණය හා සමානම චකිතයක් සිතට දැනෙනවා නිසැකයි. එය බොහෝවිටමානසිකව අප මරණයට දක්වන බිය නිසාම ඇතිවන්නක්වන්නටත් ඇති. ඒනීසා එහි ලස්සනක් අපිට නොපෙනෙනුනිසැකයි.ඒවගේම ලෝකයේ සෑම රටකම පාහේ දක්නට ලැබෙන මිනී පෙට්ටිය පෙට්ටියක් ආකාරයේ එකක් වුවත් ඒවායේමිල ගණන්&nb sp;නම් ඒ ඒ තරාතිරමේ අයට සරලන ආකාරයෙන් ඒවා නිෂ්පාදනය කරන්නන් දක්වන බවත් ඔබ සැම දන්නවාඇති. එහෙත් අප්‍රිකානු රටක් වන ඝානාවේ Ga කියන ජන කොට්ඨාශය සිය අවසන් නින්දට වැටුන සහෘදයා වෙනුයෙන්භාවිතාකරන්නාවූ මිනී පෙට්ටිය, මෙම පොදු සාධකය වන පෙට්ටියක හැඩයෙන් පරිභාහිරව වෙනස් වෙනස් හැඩයන් එසේත්නැත්නම් අප ජීවත් වන ලෝකයේ අප භාවිතා කරන හෝ වෙනත් සත්ව රුවකින් එසේත් නැත්නම් පළතුරක හැඩයකින් හෝවෙනයම් විවිද විවිද හැඩයන්ගෙන් මිනී පෙට්ටි නිපදවන බව ඔබ දන්නවාද? ඔවුන් එසේ කරන්නේ නිකම්ම ආවාට ගියාටකැමති හැඩයකින් එම මිනි පෙට්ටි තෝරා ගැනීම නොව ඔහු හෝ ඇය ජීවත්ව සිටින විට කරන ලද්දා වූ වෘත්තිය පදනම්කොට ගෙන හෝ එම මිය ගිය අයගේ සිහිනයක්ව තිබූ දෙයක්, විනෝදාංශයක් හෝ එම මල ගිය ප්‍රාණකාරයාට යම්සම්බන්ධතාවයක් තිබූ දෙයක් මත එම මිනී පෙට්ටිය තෝරා ගනු ලබයි. ධීවරයෙකුගේ නම් මාළුවෙකුගේ හැඩය ඇති මිනීපෙට්ටියක් වන්නට හෝ බෝට්ටුවක හැඩය ගන්නට බොහෝවිට ඉඩකඩ තිබෙන අතර දඩයම්කරුවෙකුගේ නම් ඔහුවැඩියෙන්ම දඩයම් කල සතාගේ හැඩය ඇති මිනී පෙට්ටියක් වන්නට පුළුවන. ගොවියෙකුට ඔහු ජී වත්ව සිටින විට වගා කලබෝගයේ හැඩය ඇති මිනී පෙට්ටියක් ලැබෙනු ඇත. රියදුරෙකුට ඔහු පැදවූ රථයේ හැඩය ඇති පෙට්ටියක් බොහෝවිටලැබෙනු ඇත. එහෙනම් අපි එම මිනී පෙට්ටි කිහිපයක රූප දකින අතරේම ඒ ගැන තව ටිකක් කතා කරමු.
මෙම උකුස්සාගේ හැඩය ඇති මිනී පෙට්ටිය ඔවුන්ගේ ජන නායෙකුයකුට තනන ලද්දකි.
සොහොයුරන් දෙපලක් විසින් 1951 දී මෙම ගුවන් යානය තනා ඇත්තේ සිය 91 හැවිරිදි මිත්තනිය වෙනුවෙන් වන අතර ඇයකිසිදා ගුවන් ගමනක යෙදුන තැනැත්තියක් නොවේ. එහෙත් ඇගේ සිහිනයක්ව තිබී ඇත්තේ කවදා හෝ ගුවන් ගමනකනිරතවීමයි. නමුත් ඇයට ජීවතුන් අතරදී එය සිදුකර ගත නොහැකිවූ සිහිනයක් නිසා ඇය වෙනුවෙන් මෙම තනා ඇත.
එරට ධනවත් ව්යාපාරිකයන් බොහෝමයකගේ දේහය බහා තබන්නේ මෙවැනි සුකෝපභෝගී බෙන්ස් රථ ආකාරයෙන් තැනූමිනී පෙට්ටිවල බව පවසයි.
කෙසේවෙතත් මෙම අලංකාර මිනී පෙට්ටි දැන් නම් එරට අවමංගල්‍ය කටයුතු වල මෝස්තරයක් බවට පත්ව තිබෙන අතරසංචාරකයන්ගේ ආකර්ශනය දිනා ගන්නා කරුණක් බවද පැවසිය යුතුය. මිල කොපමණ වේදැයි දන්නවාද? මෙම ලස්සනමිනී පෙට්ටියක මිල $ 400 ක් පමන වන අතර එය එරට වැසියෙකුගේ වාර්ශික වැටුපට සමාන බවද අවසන්වශයෙන් කිව යුතුය... http://sathsamudura.blogspot.com/2011/05/fantasy-coffins-of-ghana.html -- ෴ Saman Rathnayake | සමන් රත්නායක ෴ ----------------------------------------------------------------------------------------------------------------------- |
!!!((((((((Receive Wonderful Items Like This))))))!!!
Send a Mail to
yahaluyeheli-subscribe@yahoogroups.com
Confirm your Request & Join with us
or Click here to join yahaluyeheli
Late Last Night and the Night Before
Tommyknockers, Tommyknockers knocking at the door
I Want to Go Out, don't Know if I Can
'Cause I am so afraid
of the Tommykncoker Man
________________Y A H A L U Y E H E L I______________
))))))) It's the Tommyknocker day..!(((((((





















0 comments:
Post a Comment