From: Saman Rathnayake <samankumara999@yahoo.co.uk>
To: yahaluyeheli <yahaluyeheli@yahoogroups.com>; Srilanka_Friends <Srilanka_Friends@yahoogroups.com>
Sent: Sat, May 7, 2011 10:05:09 AM
Subject: [Yahalu-Yeheli] 2012 ලෝක විනාශයක් ගැන කීම ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් - ඇමති මහින්ද අමරවීර
2012 ලෝක විනාශයක් ගැන කීම ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් - ඇමති මහින්ද අමරවීර2012දී ලෝක විනාශයක් සිදුවන බව පැවසීම රට සංවර්ධනය කරා යන ගමන අඩාල කිරීමට කරන කුමන්ත්‍රණයක් යැයි ආපදා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ (05 බ්‍රහස්පතින්දා) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. මෙමඟින් රටේ ජනතාවගේ ධෛර්යය, අනාගතය පිළිබඳ විශ්වාසය සහ රට ගොඩනැගීමට ඇති උනන්දුව නැතිකිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව බරපතළ සැකයක් තමන්ට ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේද පැවසීය. "...එහෙම කාටවත් 2012 විනාශ වෙනවා..2013 විනාශ වෙනවා, 2011 විනාශ වෙනවා කියලා කියන්න පුළුවන්කමක් නැහැ. හැබැයි ඒ මොන තත්ත්වය තුළ වුණත් දැන් අපේ අමාත්‍යාංශය කල්පනා කරනවා මේ ආපදා වලින් සිදුවිය හැකි හානිය අවම කිරීම සඳහා වන වැඩපිළිවෙලවල්වලට යන්න." සටහන - 2012 ලෝක විනාශයක් සිදුවන බවට වන මතවාදය කරළියට පැමිණියේ '2012' නැමැති චිත්‍රපටය බිහිවීමත් සමඟය. ඒ පැරණි මායා ශිෂ්ඨාචාරයට අයත් දින දර්ශනයක 2012 වසරේ දෙසැම්බර් 21 වැනිදායින් ඔබ්බට දින සටහන් නොවීම මත පාදක වෙමින් නිර්මාණය වූ අදහසකි. මේ අනුව යමින් 2012 දෙසැම්බර් 21 වැනිදායින් ලෝකය විනාශවන බවට ඇතැමුන් මත පළකර තිබිණි. එය උක්ත චිත්‍රපටයේ ප්‍රචාරක වැඩසටහන මඟින් ලෝ පුරා පතුරුවා හැර තිබුණු අතර මෙම අදහස ඉන්පසු ශ්‍රී ලංකාව තුළ ද සීඝ්‍රයෙන් ප්‍රචලිත විය. ඒ අනුව අමාත්‍යවරයා පවසන ආකාරයට මෙම කුමන්ත්‍රණය ක්‍රි.පූ 10 වැනි සියවසේ පමණ මායානු කැලැන්ඩරය නිර්මාණය කළ පුද්ගලයාගේ පටන් මේ මතවාදය සම්බන්ධයෙන් කතාබහට ලක්කරන බොහෝදෙනෙක් ආණ්ඩුවේ සංවර්ධනයට එරෙහි කුමන්ත්‍රණයට දායක වී තිබේ. http://www.lankatruth.com/sin/index.php/news/local-news/10866-2012---------- -- ෴ Saman Rathnayake | සමන් රත්නායක ෴ ----------------------------------------------------------------------------------------------------------------------- |
!!!((((((((Receive Wonderful Items Like This))))))!!!
Send a Mail to
yahaluyeheli-subscribe@yahoogroups.com
Confirm your Request & Join with us
or Click here to join yahaluyeheli
Late Last Night and the Night Before
Tommyknockers, Tommyknockers knocking at the door
I Want to Go Out, don't Know if I Can
'Cause I am so afraid
of the Tommykncoker Man
________________Y A H A L U Y E H E L I______________
))))))) It's the Tommyknocker day..!(((((((
0 comments:
Post a Comment